
ටොමයි - ජෙරියයි පත්තරයක් පෙරල පෙරල බලනවා. මුන් දෙන්නා කවදාවත් පත්තර බලන උන් නම් නෙවෙයි. හැබැයි ඊඍ එකේ කාටූන් එකක් යනවා නම් උන් දෙන්නට ඉන්නේ කොහෙද කියලත් මතක නෑ.
මොකද ඩබල කවදාවත් නැතුව පත්තරයක් පෙරල පෙරල.... මම ගෙට ගොඩ වෙන ගමන් ඇහුවා.
මේ දැක්කද අපේ වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරයා මරු ටෝකක් දීලා තියෙනවා.
ජෙරියා - ටොමාගෙන් පත්තරය උදුර ගන්න ගමන් කිව්වා.
මරු ටෝකක් කිව්වේ,
උඹට බැරිනම් මට දීපන් මම කියන්නම්,
මේ ඩබල පත්තරේට රණ්ඩු වෙන්නේ කියන දෙයක් කියපියව්, මට අර මාළුවන්ට කන්ඩ ටික දාන්න තියෙනවා.
හරි හරි මම කියන්නම්,
ජෙරියා ඉස්සර වුණා.
වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරයා කියනවා, දැනට අපේ රටේ ජාතික ක්‍රීඩාව බවට පත්වෙලා තියෙන්නේ වොලිබෝල් ක්‍රීඩාව. වොලිබෝල් තමයි රටේ වැඩිපුරම කරන ක්‍රීඩාව. අවුරුදු ගණනක් පුරා රටේ ජාතික ක්‍රීඩාව වෙලා තිබුණේ වොලිබෝල් ක්‍රීඩාව.
මේ දැන් ඉතුරු ටික මම කියන්න ද?
ටොමා කතාවට එන්ටර් වෙන ගමන් කිව්වා.
දැනට රටේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් නෙවෙයි කියලා. වෙන ක්‍රීඩාවක් ඒකට නම් කරන්න ඕනෑ කියලා ඇතැම් අංශ අදහස් පල කරලා තියෙනවලු. ඒ අය මේකට හේතු විදියට කියලා තියෙන්නේ වොලිබෝල් කියන්නේ පිටරටකින් ආපු ක්‍රීඩාවක් කියලයි.
ඒක එහෙම කියන එක වැරැදියි. සාධාරණ තර්කයක් නෙවෙයි කියන ගමන් සභාපතිවරයා ඇට්ටි හැලෙන කතාවක් කියනවා.
ඒ මොකක්ද?
මාත් මැදට පැන්නා.
එහෙම වුණොත් ගොඩක් දේවල් වෙනස් කරන්න වෙනවා කියලා තමයි සභාපතිවරයා තර්ක කරන්නේ.
ඔව් ඉතින් වෙනස් කරනවා නම් කොච්චර දේවල් තියෙනවද වෙනස් කරන්න.
අන්න හරි ඔයාටත් ඔය තේරෙන්නේ ටොමයි - ජෙරියයි දෙන්නම කිව්වා.
සභාපතිවරයා කියනවා අපේ රටේ ප්‍රධාන ආගම වෙලා තියෙන බුද්ධාගම ආවේ ඉන්දියාවෙන්. ජාතික කොඩියේ ඉන්න සිංහයා අපේ රටේ නෑ. එහෙනම් ඒවාත් වෙනස් කරන්න වෙනවා කියලා තමයි කියන්නේ. ජාතික ක්‍රීඩාව විදියට තිබෙන වොලිබෝල් වෙනස් කරන්න ඉඩ දෙන්නේ නෑ කියලා තමයි සභාපතිවරයා නම් කියන්නේ.
මේ ඔයකියවිල්ල පැත්තකින් තියලා ඊඍ එක දාලා චැනල් මාරු කරලා බලපල්ලා ජාතික තරුණ සේවා සභාව හරි සභාපතිතුමාගේ ගේ හරි මේවන කොට වැලේ වැල් නැතුව ඉන්න ජාතිවාදී බඩගෝස්තරවාදීන් කී දෙනෙක් වටකරලාද කියලා.










