
ජය පැරදුම කෙසේ වෙතත් මහත් වූ සහෝදර බැඳීමකින් ඛෙත්තාරාම පිටියට පිවිසි නුගේගොඩ අනුලා ක්‍රීඩිකාවෝ සහ ගම්පහ රත්නාවලි ක්‍රීඩිකාවෝ දෙවිදුහල්වල ක්‍රීඩා ලෝලීන්ට නැවුම් තරග අත්දැකීමක් ලබාදීමට රැජනන්ගේ පළමු සංග්‍රාමයේදීම සමත් වූහ. මෙකී සටන ලාංකේය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවද ඉදිරියට ගෙනයාමට විශාල දායකත්වයක් බව නොරහසකි.

අනුලා විද්‍යාලයේ නායිකා අමාෂා පෙරේරා (51 ක්) සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කරන හර්ෂිතා මාධවී (71 ක්) දෙවැනි කඩුල්ල සඳහා ගොඩනැඟූ අගනා ශතක සබඳතාවෙන්, රත්නාවලී ක්‍රීඩිකාවන් මුල් ඉනිමට සියල්ලන්ම දැවී රැස් කළ ලකුණු 139 පහසුවෙන් අභිබවා යාමට හැකි විය.
සාමාන්‍ය ක්‍රිකට් තරගයකට එහා ගිය අත්දැකීමක් වූ මේ තරගය එක් ඉනිමක් පන්දුවාර 40 කට සීමා වූ ඉනිම් හතරකින් සමන්විත තරගයක් විය.
රත්නාවලි ක්‍රීඩිකාවෝ මුලින්ම පන්දුවට පහර දෙමින් ලකුනු 139 කට දැවී ගියහ. රත්නාවලි නායිකා පබසරා රණබාහු ලකුණු 52 ක් රැස් කළාය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි අනුලා ක්‍රීඩිකාවෝ පන්දුවාර 28 කදී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 156 ක් රැස් කර ගත්හ.
රත්නාවලී විද්‍යාලයේ නායිකා පබසරා රණබාහු දක්ෂතම පිතිකාරිනියට හිමි සම්මානය දිනා ගනිද්දී ඉතිරි සම්මාන තුනම අනුලා විද්‍යාලීය ක්‍රීඩිකාවන් දිනා ගැනීම විශේෂත්වයකි. දක්ෂතම පන්දු රකින්නියට හිමි සම්මානය ජනාදි අනාලිට හිමි වූ අතර, දක්ෂතම පන්දු යවන්නියට හිමි සම්මානය නායිකා අමාෂා පෙරේරාට සහ පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දැක්වූ හර්ෂිතා මාධවි දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමිකර ගත්තාය.










