
ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු වශයෙන් දීර්ඝ කාලයක් මෙරටේ ක්‍රීඩා ක්ෂේත්‍රයට විශාල සේවයක් කළ ඩර්වින් පෙරේරා මහතා ඉකුත් 15 වැනිදා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 68 වන වියේ පසුවිය. හෙතෙම කලක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ධූරයත් දැරීය.
අන්තර්ජාතික පදක්කම් හිමිකර ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ පුහුණුකරු වශයෙන් ද ඒ මහතා ක්‍රියා කළේය. ඒ අතරට ඔලිම්පික් සහ ලෝක ශූරතා පදක්කම් හිමිකරගත් සුපිරි ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභිණි කඩුලු පැනීමේ ශූරි ශ්‍රියානි කුලවංශ සහ තවත් දක්ෂ ක්‍රීඩිකාවක් වූ දිලීමා පීටර්සන් ද අයත්ය.
මීට අමරතව පෙරේරා මහතා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමයේ සභාපතිවරයකුත් වූයේය. එමෙන්ම ඩර්වින් පෙරේරා මහතා ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂකවරයකුත් විය.










