කවි කල්පනා | සිළුමිණ

කවි කල්පනා

‍අනේ අනිච්චං

ලොරියෙ
ඉස්ස­ර­හම
පොල්ගෙඩි අකු­රෙන්
'බුදු ගුණ අන­න්තයි'

අත් දෙකෙත්
හරි හරි­යට
පිරිත් කඹ
අඳි­න්නෙත්
කිරිම කිරි සුදු පාට
විත­ර­මයි...

ගෙට හැරෙන
හන්දි­යෙත්
සුපිරි බුදු කුටි­යක්
විය­දම ලක්ෂ ගණ­නින්
අභ­ය­දාන සමි­ති­යෙත්
ලේකම්ලු
ඇල්ව­තු­රත්
දෙන­ග­මන් නිවලා බොන
සද්ගු­ණ­වත්
දේශ ශක්ති...

දෑ හිත­කාමී
සාම විනි­සුරු (මුළු රට­ටම)
මස් කඩේ
මුද­ලාලි


රත්න­සිරි පති­රණ


අලුත් දිවිය


නිරු­වත් දෙපා
ගල් බොරලු
දුවිලි පිසි­මින්
පිය මනියි හෙමි­හිට
සන්සුන්ව...

පසු­ක­ර­මින් ඔහුව
දිව­ය­නෙන ජීවිත
තත්පර මිනිත්තු පැය කටු
රඟයි රැඟු­මන්
තණ්හාව රතිය හා
එක­මු­තුව රාගය
බල­මින් එදෙස
හැඟු­මන් විර­හි­තව
පිට කරයි සුසු­මක්...

පිය ගැට පෙළ පාමුල
තබා අතී­තය ඒ
අලුත් දිවි­යක අරු­මය
දැකී­මට වෙහෙ­සෙන
මිනි­සා­මය ඔහු
අඳුරේ ආලෝ­කය දකින


මේදනී මැණි­ක්කු­ඹුර


කලා­කරු තාත්තා


සිහ රදෙක් වුණත් ඔබ
තාත්තේ
අපේ ගෙය
ගල් ලෙනක් නොකළ පින
ඔබට ඇති
බුදු වෙන්න..

සිතා වෙස­තුරු වෙන්න
දන් ‍නොදී මෙ දරු අප
දිවි පසාරු කැට­යම සැදූ
කලා­ක­රුවා ඔබය

මෙ සිව් රිය­නට මැදිව
ඉන්නෙ ඔබ නොවන බව
ඔබම ඇත
පසක් කොට දී අපට
අතීතේ යම් දිනෙක


කේ.පී.ඩබ් ප්‍රියන්ත ජය­ලත්
 


හිරු එන්න කලින් වුණ දෙයක්


තරුණ පිනි බිඳු­වක් දිනා පෙම
සිය බිඳි­ත්තිගෙ දෑත අර­ගති
හුරු­බු­හුටි ළබාල පිනි පොඩි
සුබ පැතුම් ගීතිකා මුමු­ණති

ප්‍රේම­යට මෙතු­වක් උදව් කළ
මිතුරු පිනි කැල අතට අත දෙති
මැදි­වියේ උන් කාන්තා පිනි
බිම බලා­ගෙන දෑස් පිස­ලති

අලුත් ජෝඩුව පෙරටු කොට­ගෙන
අනෙක් පිනි පේළි­යට හිට ගති
මකුළු දැල­කින් සැදුණු පාරක
අලුත් ගෙද­රට යන්න පිට ­වෙති

එමඟ තුත්තිරි ගසින් නිම කළ
පාල­මක් ඇත අත් වැලක් නැති
උන්ට එතැ­නින් එගොඩ වෙන්නට
වැඩි මහලු පිනි උද­ව්වට එති


මහින්ද ප්‍රසාද් මස්ඉ­ඹුල
 


මැයි වැසි

තද වැසි වසී
මැයි මල් ගස තෙමා
එවි­ටම මැයි මල් වසී
ගස පාමුල වසා


ගංගා වරු­ෂ­වි­තාන


දිනුම

සඳ එන්නේ නෑ ඉතින්
වැහි අඳු­ර­ටම ඉඩදී ගොහින්
සොඳු­රියේ
කැඩුණ බොත්තම් කර­කවා
සොඳුරු චැනල් හදා ගන්නම්
රූප­වා­හි­නියේ..

අහා.. තර­ගෙක වැදී පොඩි උන්
මහා රියැ­ලි­ටියේ
රස විඳිමු අපි සතු­ටින්
දවස අද අව­සන්..

බිඳුණු උළු කැට මවා උල්පත්
පොකුණු සාදයි ගෙමැද්දේ
නුඹ ලිස්සලා, නොවැටී
කැඩුණු වේවැල් පුටුව සරි­කර
සීරු­වට ළඟ­ටම වරෙන්
දවස අද අව­සන්
මහා රියැ­ලි­ටියේ..

කුසෙන් නැගෙනා අෙඳා්නා­වන්
තුටින් මඟ හැර­පන්
එදා මා ගැයූ ගී
අදත් හරි රස­වත්
අද ගයයි පොඩි උන්...

කොළඹ නග­රෙන් බංග­ලා­වක්
හොඳම වර්ගෙන් කාර් එකක්
මගේ ගීයෙන් දිනා­ගෙන උන්
ගෙදර යයි සතු­ටින්


ප්‍රභා මාධවී අභ­ය­ගු­ණ­සේ­කර


සිතේ සැන­සුම උතුම් දහ­මයි

පෙර කළ කුසල් අනු­වයි අප උප­දින්නේ
එය දැන දැනත් ඇයි පස් පව් කරන්නේ
මිය යන ­දි­නට මොන­වද අර­ගෙන යන්නේ
කළ හොඳ නරක දෙක පම­ණයි පව­තින්නේ

දහ­සක් හැඟුම් පොදි බැඳ­ගෙන පපුව යට
සතු­ටක් ලබා ගැනු­මට සුළු මොහො­ත­කට
සිදු කළ දෙයක් ඇත්නම් යම් කෙනෙකු හට
සිහි­වෙන විට දි දුක මතු­වෙයි සියලු විට

පිවි­තුරු හද­ව­තින් සිදු කළ දෙයක් ගැන
සතු­ටක් ලබත හැක නොබලා නොයෙක් තැන
ගුණ­වත් කමින් කීවත් බණ නොයෙක් දෙන
සැන­සුම ලබනු ඇත සද­හම් සුවය දැන

ඉසි­ මද කුහක ගති හද­වත තුළෙහි නැති
මිනි­සෙකු විය යුතුයි මිනිසා පිරුණු ගති
තිස­රණ සරණ පිරි හද­වත් සතුව ඇති
කෙන­කුෙග සතුට ගුණ දහ­මින් පිරෙයි නිති

නැති බැරි කෙනකු දැක පිටුපා නොයනු මැන
සිදු­ වන නොයෙක් දින­වල කම්කටුලු ගැන
උප­දින මැරෙන බව නිත­රම සිතට ගෙන
වන­මල් කඩ­න්නට නොසිතා සිටිනු මැන


සිරිල් පී. ගුණ­රත්න


සිත තවම ඔබ­ටයි

මල් තාම සුව­ඳයි
හිරු තාම පායයි
තරු තාම දිලි­සෙයි
ඔබ තාම නිහ­ඬයි...

ඔබ සිත මා සිත
අප දෙදෙන ඉදි­රියේ
අපේ ආද­රය
ගොළු­ වෙලා...


හි.බ. හේරත් මාක­ඩු­වාව


නුඹ සහ ‍මම

වලා තීර­යෙන් එබී සඳ
කඳු මුදුන සිඹි­නවා
මේ පාළු කුටිය තුළ
මම නුඹව සොය­නවා..

මගේ ළඟ වැතිර නුඹ
මොන­වාද දොඩ­නවා
නුඹට නොදැ­නෙන ලෙසින්
මම නුඹව සොය­නවා...

ගව් ගණන් දුර ඈත
සිහින සැරි සර­නවා
කඳුළු වැල් ඇදෙ­නවා
මම නුඹව සොය­නවා..


සැනෝජී රුවි­නිකා පෙරේරා


මලකි ඔබ

සොඳුරු වස­න්තයේ
හිමි­දිරි උදෑ­සන
මගෙ දෝතට වැඩි
සුපි­ෂ්පිත මලකි
ඔබ...
විටෙක
නිල් මහ­නෙල් මලකි
විටෙක
සකුරා මලකි
විටෙක
මදාරා මලකි

චම්පා විජ­ය­ව­ර්ධන


නිය­ඟය කතා ­ක­රයි


සුළ­ඟක් වෙලා රට තුළ සැරි සරා ගොසින්
මහ වැව් සමු­ද්දර ළිං දොළ කරා යමින්
ගංගා­වල පොකුණු දිය උරා බොමින්
එද මදි වෙතොත් මිනි­සු­න්වත් මරා කමින්

මුළු වෙල් යාය හත­රට ඉරි­තළා ඇත
මහ මග ගස් කොළන් මල් සැර­සිලා නැත
වන මැද සතුන් ටික කයි පර­ඬලා ටික
අයියෝ මගේ රට කෝ මගෙ කලා කෙත

කෙනෙ­කුගෙ සැපත කෙනෙ­කුට ඉරි­සියා වෙකි
ගුණ දහ­මක් ඇතොත් එය­ටද හෙළා දකී
හොර­කම බොරුව කාටත් රස ගුලා­වෙකි
ඉන් මගෙ රටට අත් වූයේ විනා­සෙකි

ජඩ ගති කුරිරු ගති හැම ඉව­තට ලන්න
යහ ගුණ දහම් ටික හද ඇතු­ළට ගන්න
කිරි ඉති­රෙන්න පල බර ගස් සිටු වන්න
එත­කොට මට හැකිය මහ වැසි වස්සන්න


මියුලා ආරි­ය­වතී


 නුඹේ ආදරේ...

ළා ඉරේ අරුණ ළඟ නැව­තිලා මගේ හද
සාගරේ රැළි මතින් අසයි ගීත­යක නද
පාවෙනා දියඹ මත නු‍ඹේ රුව අඳින සඳ
ආද­රෙන් බැඳීලා සිටිමි එය සිතෙන් විඳ

චාරි­කා­වක් වගේ යනෙන දෙඅත් බැඳ
භාව­නා­වක් වගෙයි නුඹට පිදි සොඳුරු හද
මාලි­ගා­වක් නැතත් වස­න්නට සතුට මැද
වේද­නා­වක් නොවී හිඳිමු ආදරේ විඳ

රෑ හ‍ඳේ සීත­ලට සලන මඳ­හස විලස
නාඳු­නන හැඟුම් පොදි කිති කවයි සිත් අහස
තාරකා නිවි නිවී දැවෙන සේ සිය දහස
මා හදම අවු­ළ­වයි නොලද ඒ නුඹ පහස

සුබෝධා ගමගේ
 


ගම සිහි වී

යායට නිලට කිරි ගොය­මක් පෙනෙන සඳ
හිත් වල සතුට මතු වෙයි දුක් කඳුළු බිඳ
කිරි වදිනා ගොය­මෙන් එන සුවඳ විඳ
ගනු වැනි එකදු සුව­යක් ඇති­දැයි සබඳ

පාරක තොටක වැඩි­හි­ටි­යෙක් ඇවි­දිද්දී
සයි­ක­ල­ය­කින් යන­කොට ඔහු හමු­වෙද්දී
බැස ඉන් කරන ආචා­රය සිහි­වෙද්දී
ළඟ­කදි දුටුවෙ නැහැ එය මා ගම යද්දී

දැන් දැන් ගමේ සිරි­තුත් ඇත වෙනස් වෙලා
ලොකු­වට තිබුණ කුඹු­රුත් ඇත කුඩා වෙලා
බැලු­වම හිතුණෙ අපෙ ගම දැන් දියුණු වෙලා
දියුණු වෙලා නොව මිනි­සුන් මුළා වෙලා

දිනේෂ් ඉලං­ග­රත්න
 


එද­වස සිහිව

“ගල් විහාරේ ළඟින්
මහ­ගෙදර යන දිනක
විසල් හොර ගසින් වට
රූනෙක් ඇසුවා හෙමින්
මත­කයි ද මං තාම”..

කෝන් දඹ එර­මි­ණිය කර­ඹද
සොය සොයා අපි ආව කඳු ඉම
කොහොම අම­තක කර­න්නද මම
මගේ හුස්මේ අඩක් ඔබ ළඟ..

සොහොන් පිටියේ මී ගහක් මුල
මීක් මල් ඇහු­ලුවේ අපි
හේන් වැට ළඟ තිය­ඹරා මල්
කතා කෙරුවා තාම මත­කයි..

කඳු වළ­ල්ලෙන් එහා බිම් කඩ
කුඹුර නිල්ලට හැරුණ පසු­වද
දඹ ගහේ පැළ උඩට වී කිව්
සීප­දය මේ දැනුත් ඇසුණා..

“රැගෙන යන්නට බයයි
නග­රයේ ගෙදර වෙත
තණ බිම මත තබමි මම
'රූනාව'
යමි ඉති පිස දමා
නැඟුව කඳු­ළැලි දෑස”


තිලක් ඒක­නා­යක


තාත්තාගේ මර­ණය

මහ ඉහ­ළින් සිතා සිටි
යහ­ළු­වන් නෑදෑ­යන්
කවු­රු­දැයි
හඳුනා ගත් දවස


අමිල දොළ­පි­හිල්ල

Comments