තිරගත නොවී අතරමඟ නැවතුණු ලාංකික දෙමළ චිත්‍රපට | Page 2 | සිළුමිණ

තිරගත නොවී අතරමඟ නැවතුණු ලාංකික දෙමළ චිත්‍රපට

 1993 තිරගත වූ ‘ෂර්මිලා වින් ඉදයරාගම්’ වන විට ‘කුසුමලතා’ සිට ලාංකික දමිළ චිත්‍රපට 45ක් තිරගත විය. ‘ෂර්මිලා වින් ඉදයරාගම්’ දෙමළ චිත්‍රපටයේ සිංහල පිටපත වූ ‘ඔබ මගේ ම වේවා!’ තවමත් තිරගත වී නැත. ඉන් පසු 2009 අගෝස්තු 11 ‘ආකාහ පුක්කල්’ පිටපත් දෙකක් තිරගත විය. එය සංගීතා වීරරත්න වෙනුවෙන් ප්‍රසන්න විතානගේ නිර්මාණයකි. 2011 නොවැම්බර් 25 ‘සෙල්වම්’ දෙමළ චිත්‍රපටයේ පිටපත් තුනක් තිරගත විය. අශෝක හඳගමගේ ‘ඉනි අවන්’ 2012 දෙසැම්බර් 21 පිටපත් 26ක් තිරගත විය. 2013 පෙබරවාරි ‘උදය පාර්වෙයි’ (නව බැල්ම) තිරගත විය. එහි අධ්‍යක්ෂ මුතු හරන්ය. 2014 උඩරට වතුයාය පරිසරය පදනම් කරගත් 'එංගරින්දු' තලවකැලේදී තිරගත විය. ඒ වන විට මෙහි ලාංකික චිත්‍රපට ප්‍රමාණය 50 ඉක්මවයි.

1947 ‘කඩවුණු පොරොන්දුව’ සැදීමට පෙර ‘නායගම්’ දකුණු ඉන්දුනීසියාවේ ඔහු සතුව තිබූ චිත්‍රකලා මූවිටෝන් චිත්‍රාගාරයේදී කුමරගුරුකයිතඩි - දෙමළ චිත්‍රපට කීපයක් ඉන්දියාවේදී නිපදවා ඇත.

1. ලංකාවේ ඒ. අරුණන්, වී. තංගවේළු, හෙන්රි චන්ද්‍රවංශ එක්ව නිපදවීම ඇරැඹු දමිළ චිත්‍රපටය අඩි 7000 දිගට රූගත විය. එය මුලදී හඳුන්වන ලද්දේ ‘පුරට්ටි’ නමිනි. ප්‍රධාන නළුවා සම-නිෂ්පාදක තංගවේළු වූ අතර, ප්‍රධාන නිළිය ධර්මාදේවීය. ඉන් පසු පුරට්ටි වැඩ අතරමඟ නතර විය. ඉන් පසු මේ වන විට ‘සමාජය’ සිංහල චිත්‍රපට හදා තිබූ හෙන්රි චන්ද්‍රවංශ කලා සංගමය වෙනුවෙන් අලුත් නළුනිළියන් යොදාගෙන මේ චිත්‍රපටය ‘සමුද්‍රායම්’ යනුවෙන් අලුතින් අරඹා වැඩ නිම කළේය. මුලින් අතරමඟ නවතා දැමු පුරට්ටි තිරගත වූයේ නැත. ‘සමාජය’ චිත්‍රපටයේ දෙමළ නිෂ්පාදනය සමුද්‍රායම් නමින් අරඹා ඇත.

2. සිරිල් පී. අබයරත්න 1967 ඇරැඹු ‘පරෙයිගල්’ (ප්‍රේම පරෙවියෝ) නමින් චිත්‍රපටයක් ඇරැඹූ අතර, එය අතරමඟ නතර විය. සිරිල් පීගේම ‘සුමුදු භාර්යා’ සිංහල චිත්‍රපටය ‘කාලෙයි කලවන්’ නමින් දෙමළ දෙබස් කවා වැඩ අරඹා එයද අතරමඟ නතර විය.

3. ‘ලංකා මුවීස්’ වෙනුවෙන් කේ. වෙන්කට් අධ්‍යක්ෂණය කළ ‘ඉල්ලා කාලුම් කණවම්’ චිත්‍රපටය අතරමඟ නතර විය. එය ‘මාච්’ චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයකි.

4. ‘අල්ලික්කාරයෙන් අක්බුම් කානික්කෙයි’ (ගැඹුරු මුහුදේ නිධානය) නමින් පී.එස්. ක්‍රිෂ්ණකුමාර් නිෂ්පාදනය, අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය කැලණියේ නවජීවන චිත්‍රාගාරයේ රූගත කර අතරමඟ නතර විය.

5. සාර්ථක වූ සිංහල චිත්‍රපට කීපයක් දෙමළ දෙබස් කැවීමට ගොස් අතරමඟ නතර වූ බව එදා පුවත්පත් වාර්තාවල පළ වෙයි. 2004 ඔක්තෝබර් තිරගත වූ ‘මිල්ලෙ සොයා’ දෙමළ පිටපත ඉන් එකකි.

6. 2009 රන්ජන් රාමනායක අධ්‍යක්ෂණය කළ පී. අරූන් බෙවන් පෙරේරා නිෂ්පාදනය කළ ‘ලීඩර්’ චිත්‍රපටයේ දෙමළ හා තෙළිඟු පිටපත් ඉන්දියාවේදී සකස් වූ බව වාර්තා වුවත්, ඒ ප්‍රදර්ශනය ඉටු වූයේ නැත.

7. සංගීතා වීරරත්න වෙනුවෙන් වසන්ත අධ්‍යක්ෂණය කළ ‘සෙව්වන්දි’ සිංහල පිටපත 2006 දෙසැම්බර් 07 තිරගත විය. ඉන්දියාවේදී මේ චිත්‍රපටයේ දෙමළ පිටපත් දෙකක් සාදා නිම කළ බව වාර්තා වුවත්, ඒ ප්‍රදර්ශනය වූයේ නැත.

8. ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කළ ‘නෙත්ජිත්තු තෙරියුම්’ දෙමළ චිත්‍රපටය අතරමඟ නතර විය.

9. 2011 නොවැම්බර් 25 තිරගත වූ ‘තෑන්ක් යූ බර්ටි’ චිත්‍රපටයේ දෙමළ පිටපත සකස් වන බව කීවත්, ඒ සිදු වූයේ නැත.

10. ඒ.කේ. හැරඩින් එකම දින වැඩ ඇරැඹූ ‘ඔරේ තානිල්’, ‘එකම දවස’ යන සිංහල හා දෙමළ චිත්‍රපට පිටපත් දෙක බොහෝ දුර වැඩකටයුතු අවසන් වූවත්, තිරගත වූයේ නැත.

එස්.කේ. ජයවර්ධන වත්තේගම
හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ 

 

Comments