බ්‍රිතාන්‍ය හා ප්‍රංශ මැතිවරණ ඔස්සේ අභියෝගයට ලක්වන එක්සත් යුරෝපය | සිළුමිණ

බ්‍රිතාන්‍ය හා ප්‍රංශ මැතිවරණ ඔස්සේ අභියෝගයට ලක්වන එක්සත් යුරෝපය

යුරෝපය මේ වනවිට ප්‍රබල දේශපාලන පරිවර්තනයක් කරා යොමුවෙමින් සිටී. ප්‍රංසයේ ජනතාව ඉතිහාසයේ මුල්වරට සාමිප්‍රදායික පක්ෂවල ආධිපත්‍යයෙන් තොර ජනාධිපතිවරයකු තෝරාගැනිම සඳහා ජන්දය පාවිචිචි කරති. ප්‍රංසයේ ජනාධිපතිවරයා වන්නේ දේශපාලනඥයකු නොවන එමෙන්ම ඉතා අඩු දේශපාලනික අත්දැකිමක් සහිත ස්වාධින අපේක්ෂක එමැනුවෙල් මාකොන්ද එසේත් නැත්තමි ජාතිවාදය හා සංක්‍රමණික විරෝධි අදහස් වපුරුවමින් ප්‍රංශය යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරිමට යෝජනා කරන, ඉතිහාසය පුරා ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ වත්මන් ජාතිකවාදි රැල්ල තුළින් අවසන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය හිමිකරගෙන සිටින ෂෝන් මරී ල පෙන් ද යන්න තව පැය 24කින් තින්දු වනු ඇත. ජනමත විමසුමිිවලින් නමි පැහැදිලි වන්නේ ස්වාධින අපේක්ෂක මාකොන් පැහැදිලි ජයක් අත්කරගනු ඇති බවයි.

බ්‍රිතාන්‍යය යනු යුරෝපයේ බලවත්ම රාජ්‍ය තුනෙන් එකකි. ප්‍රංශය ජනාධිපතිවරණය පවත්වද්දි බ්‍රිතාන්‍යය තවත් මසකින් එනමි ජුනි 8 වැනිදා පාර්ලිමෙින්තු මැතිවරණය පැවැත්විමට සුදානමි වෙයි. ඉකුත් බදදා අගමැතිනි තෙරේසා මෙිි දෙවැනි එළිසබෙත් මහරැජින හමුවි පාර්ලිමෙින්තුව විසුරුවාහැරිමට අවශ්‍ය අනුමැතිය ලබාගත්තාය. මෙි අනුව බ්‍රිතාන්‍යයද ඉදිරි මාසය තුළ මැතිවරණ ක්‍රියාදාමයකට එළඹෙයි. අගමැතිනිය හදිසි මහ මැතිවරණයක් කැදවුයේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විමෙි වැඩපිිළිවෙළට අවශ්‍ය ජනතා වරමක් හා දේශපාලනික බලයක් ලබාගැනිමෙි අරමුණෙනි. අගමැතිනියගේ කන්සර්වෙටිවි පක්ෂයට පැහැදිලි ජනතා සහයක් පවතින බව ජනමත විමසුමි ප්‍රතිඵල පෙන්වා දෙයි. ඇතැමි ජනමත විමසුමිවලට අනුව කමිකරු පක්ෂයට වඩා කන්සර්වෙටිවි පක්ෂයට තුනෙන් දෙකක ජනතා සහයක් පවතින බව පෙනී යයි. මෙි අනුව ඉදිරියේදි පාලන බලය අත්පත් කරගැනිමට කන්සර්වෙටිවි පක්ෂයට වැඩි ඉඩප්‍රස්තා පවතින බව පෙනි යයි. තනිව රජයක් පිහිටුවිමේ ජනවරම නොලැබෙන්නේ නමි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ හා එක්සත් රාජධානියේ නිදහස් පක්ෂයේ සහයද කන්සර්වෙටිවි පක්ෂය සඳහා ලැබෙන බව පැහැදිළි වි තිබෙි.

1957 රෝම සමිමුතිය අනුව එක්සත් යුරෝපය බිහිවු දා සිට මෙන්ම එහි වඩාත් දියුණු අවස්ථාවක් ලෙස 1993 මස්ටි‍්‍රචි ගිවිසුම යටතේ වත්මන් යුරෝපා සංගමය බිහිවු දා සිට එය පැවැත්ම සඳහා එල්ල වු බරපතලම අභියෝගයට එක්සත් යුරෝපය හෙවත් ලොව වඩාත්ම විධිමත් කලාපිය හවුල දැන් මුහුණ දී සිටි. යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත්විම හෙවත් බ්‍රික්සිටි ක්‍රියාවලිය තුලින් යුරෝපා සංගමයේ ප්‍රථම දෙදරායාම වාර්තා විය. යුරෝපා සංගමය බිහිවු දා සිට පසුගිය වසරේ බ්‍රික්සිටි සංසිද්ධිය දක්වා සිදුවුයේ යුරෝපා සංගමයට රටවල් එකතු විම මිස රටවල් ඉන් ඉවත් විම නොවෙි. සෝවියටි දේශයෙන් වෙන්වු බෝල්ටික් කලාපිය සමුහාණ්ඩු රාජ්‍ය වන ලිතුවේනියා ලත්වියා හා එස්තෝනියා යන රාජ්‍යත් පැරණි සමාජවාදි බලකදවුරේ සිටි රාජ්‍යත් යුරෝපා සංගමයට එක්වු පසු එනමි 2004 වසරෙන් පසු එක්සත් යුරෝපය වඩාත් බලවත් විය. 2013 දි ක්‍රොඒෂියාව යුරෝපා සංගමි සාමාජිකත්වය ලැබිමත් තුර්කිය හා මැසිඩෝනියාව යන රටවල් යුරෝපා සංගමයේ සාමාජිකත්වය අපේක්ෂා කිරිමත් තුළ එය ලොව ප්‍රබලතම කලාපිය සංවිධානය බවට පත්විය. ඒ එහි ස්වර්ණමය යුගයයි. එහෙත් බ්‍රික්සිටි ක්‍රියාවලියෙන් පසු ලෝක ප්‍රජාව මතුකරන මුලික පැනය වන්නේ එක්සත් යුරෝපයේ ගරාවැටිම ආරමිභ වි ඇද්ද යන්නයි. බ්‍රිතාන්‍යය අනුගමනය කළ ක්‍රියාමාර්ගය උදාහරණයට ගන්නට ඇතැමි යුරෝපා සංගමි සාමාජිකයන් පෙලඹෙන බව පෙනි යයි. ඒ පිළිබද මතවාද යුරෝපය පුරා පැතිරෙමින් පවති. ප්‍රංශ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදිද එය ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙි. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වු ආකාරයෙන්ම ප්‍රංශයද ඉන් ඉවත්කරවිම අන්ත දක්ෂිණාංශික නායිකා ෂෝන් මරි ල පෙන්ගේ ඡන්ද පොරොන්දුවකි. ජර්මනියේ යුරෝපා සංගමය රැකගැනිම වෙනුවෙන් පෙනී සිටින චාන්සලර් ඇන්ගෙලා මර්කල්ගේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයට යුරෝපා විරෝධි දක්ෂිනාංශික ජරමන් විකල්පවාදි (ඒ එෆ් ඩී* පක්ෂයෙන් දැඩි අභියෝගයක් එල්ල වි තිබේ. පසුගිය වසරේදි එම පක්ෂය අතුරු මැතිවරණ දෙකකින් ජයගත්තේය. මෑතභාගයේ සිට යුරෝපයේ ජාතිකවාදි බලවේග ශක්තිමත් විම තුල ඉතා බරපතල අභියෝගයට ලක්වන්නේ යුරෝපා සංගමයේ පැවැත්මයි. වෙනත් වචනවලින් කිවහොත් එක්සත් යුරෝපා සංකල්පයයි. ශක්තිමත් වන ජාතිවාදි බලවේග යුරෝපා සංගමයේ සාමාජික රටවල බ්‍රිතාන්‍යයයේ පැවැති ශෛලියේ ජනමත විචාරණ පැවැත්විමට බලපෑමි කරති. එමෙන්ම බොහෝ යුරෝපා සංගම සාමාජික රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුළින් එවැනි ජනමත විචාරණ පැවැත්විමට ඉඩප්‍රස්ථා සැළසී තිබේ” ප්‍රංශයේ ජනාධිපති අපේක්ෂිකා ෂෝන් මරි ල පෙන් ඉදිරිපත් කරන්නේ එවැනි බ්‍රික්සිටි ජනමත විචාරණයක් පැවැත්විමටයි. ප්‍රංශයේ පමණක් නොව ජර්මනියේ ස්විඩනයේ නෙදර්ලන්තයේ හා ඉතාලියේද යුරෝපා විරෝධි ජනමතයක් වර්ධනය වෙමින් පවතින බව ජනමත විමසුමි පෙන්නුමි කරයි. පසුගිය මාස 6 තුළ පැවැත්වු ජනමත විමසුමිවලින් පෙනිගොස් ඇත්තේ සමස්ත යුරෝපය තුළම එනමි යුරෝපා සංගමයේ සාමාජික රටවල් 28 තුළම එක්සත් යුරෝපයක් සඳහා වන ජනතා සහය බරපතළ ලෙස අඩුවි ඇති බවයි. ඒ හා සමගාමිව යුරෝපා විරෝධි දේශපාලන පක්ෂවල ජන පදනම ශක්තිමත් වන බව එම ජනමත විමසුමි ප්‍රතිඵල පෙන්නුමි කරයි. මෙය යුරෝපා සංගමයේ ප්‍රධානින්ගේ ඇස් අරවන්නකි. ඉතාලියේ හා නෙදර්ලන්තයේ යුරෝපා සංගමි විරෝධි දේශපාලනික පක්ෂ ඉතා බලවත් වෙමින් පවතින බවත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණවල දී එම පක්ෂ සන්ධානගතවෙමින් ජාතික පාර්ලිමෙින්තු තුළ වඩා වැඩි ආසන සංඛ්‍යාවකට හිමිකමි කියනු ඇති බවත්, පුර්ණ බලයක් හිමි නොවුනත් පාලන බලය සඳහා කේවල් කිරිමේ හෙවත් රජුන් තනන්නාගේ භූමිකාව එම පක්ෂ විසින් ලබාගනු ඇති බවත් දේශපාලන ප්‍රවණතා අනුව පෙනී යයි. මේ අනුව ඉදිරි වටයේදි යුරෝපා සංගමයෙන් ඉවත් වන්නේ ඉතාලියද නෙදර්ලන්තයද යන්න ගැන විමසිලිමත් විය යුතු බව යුරෝපා ප්‍රධානිහු පෙන්වා දෙති.

මේ සිදුවන්නේ කුමක්ද යන්න පැහැදිලිව අවබෝධකරගත යුතුය. මේ සංසිද්ධියේ ආයුෂ කෙටි හෝ දිග විම කොපමණ කාලයක්ද යන්න ගැන අනාවැකි පළකළ නොහැක. එහෙත් මේ සිදුවන්නේ ගෝලියකරණය නැමති බටහිර ලෝකයෙන් බිහිවු අන්තර්ජාතික දේශපාලනික සංකල්පයට එරෙහිව උඩුගං බලා යාමකි. අන්තර්ජාතිකකරණයට එරෙහිව ජාතිකත්වය ඉස්මතුවිමකි . බටහිර ලෝකයේ ක්‍රියාත්මක වු ගෝලියකරණ අන්තර්ජාතිකවාදි ක්‍රියාදාමය තුළ අතරමං වු දේශිය ජනකොටස් විසින් දියත් කරනු ලැබු කැරැල්ලකි. එහි ආරමිභක වෙඩිමුරය 2016 ජුනි 23 වෙනිදා බ්‍රිතාන්‍යයේ පැවැති ජනමත විචාරණයෙන් ඇරඹුණු බ්‍රික්සිටි ක්‍රියාවලියයි. දෙවැන්න එම සංසිධිය උදාහරණයකට ගනිමින් අමෙරිකාවේ සුදුජාතික වැඩකරන පංතිය එක්සත්ත්ව නිහඩ ඡන්ද ව්‍යාපාරයක් තුළින් ඩොනල්ඩි ට්‍රමිප් බලයට ගෙනඒමය. ට්‍රමිප් බලයට පත්විම නිසා අමෙරිකාෙව් පමණක් නොව යුරෝපයේද ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි බලවෙිග ලක්වුයේ පෙර නොවු විරූ අභියෝගයකටයි. තම පැවැත්ම ගැන බරපතළ ප්‍රශ්නයක් මතුවි ඇති බව බටහිර ලෝක රටාව පවත්වාගෙන යන බලවේග තේරුමි ගත්තේ බ්‍රික්සිටි හා ට්‍රමිප් ආගමනය තුළිනි.

යුරෝපා සංගමය මෙතරම්ි දැඩි අභියෝගයකට ලක්විමට ප්‍රධාන හේතුව වන්නේ එක්සත් යුරෝපා සංකල්පය තුල සාමාජික රටවල ජාතික අනන්‍යතාව දියවි යාමයි. යුරෝපා සංගමයේ සාමාජික රටවල් සම්බන්ධයෙන් තින්දු තිරණ ගැනිමේ වැඩි බලයක් පවතින්නේ අදාළ රටවල ජාතික පාර්ලිමේන්තුවලට නොව බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදි රැස්වන යුරෝපා පාර්ලිමෙින්තුවටයි. බලය බෙදි යන්නේ 70%-30% පමණ ප්‍රතිශත වලිනි. ඒ නිසා සාමාජික රටක ජාතික වැදගත්කමකින් යුත් තින්දු තිරණ ගැනිම එම රටට කිසිසේත් ආවේණික නොව යුරෝපා මන්ත්‍රිවරුන් 751 දෙනකු විසින් සිදු කිරීම ගැන නොපහන් බවක් කළක සිට වර්ධනය වු බව පෙනේ. ඒ ගැන විරෝධය දක්වන දේශපාලන බලවේග ක්‍රමයෙන් ඒකරාශි වු අතර බ්‍රික්සිටි සඳහා පාර කැපු බ්‍රිතාන්‍ය නිදහස් පක්ෂය කළඑලි බැස්සේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. නයිජල් ෆැරගේ ලා බොරිස් ජොන්සන්ලා එක්ව පසුගිය වසරේ ජුනි 23 වෙනිදා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් කළ අතර එක්සත් යුරෝපයක් වෙනුවෙන් පෙනි සිටි අගමැති ඩෙිවිඩි කැමරන්ට ගෙදර යාමටද ඉඩ සැලැස්වුහ. අද වනවිට යුරෝපයේ පැතිර යන්නේ ඔවුන් ආරමිභ කළ රැල්ලයි.

ප්‍රශ්නයට තුඩුදි ඇති අනෙක් කරුණ නමි යුරෝපා සංගමය විසින් තින්දු තිරණ සාමාජික රටවල් මත බලෙන් පටවනු ලැබිමයි. බ්‍රිතාන්‍යය තුළ වඩාත් මතබේදයට හා විරෝධයට ලක්වුයේ යුරෝපා සංක්‍රමණික ප්‍රතිපත්තිය හා ඒ ඔස්සේ ක්‍රියාත්මක වු සංක්‍රමණික කෝටා ක්‍රමයයි. අරාබි වසන්තය තුළින් මැදපෙරදිග අධිකාරිවාදි පාලනයන් අවසන් කිරිමට යුරෝපා රටවල දායකත්වය ලැබුණු අතර සිරියානු පාලනය බිදහෙළිමේ යුද්ධයට ක්‍රියාකාරිව දායක වෙමින් යුරොපා රවවල් සිරියානු කැරළිකරුවන් පෝෂණය කිරිමටද දායක විය. එහි ප්‍රතිඵලයක් ලෙසින් අස්ථාවර වු මැදපෙරදිග හා උතුරු අප්‍රිකානු රටවලින් මහා සරණාගත රැල්ලක් හටගත් අතර ලක්ෂ සංඛ්‍යාත සරණාගතයන් යුරෝපයේ ඉසුරු සොයා ඒමට පටන්ගත්තේ මිනිස් ජාවාරමිකරුවන්ගේද ’හොද්ද බොර කරමිනි’. යුරෝපයට පැමිණෙන සරණාගතයන් එක් එක් සාමාජික රට විසින් භාරගැනිමේ කෝටා ක්‍රමයක් හදුන්වාදෙනු ලැබු අතර එම කෝටා අදාළ රටවල් මත පටවනු ලැබිය. අදාළ රටවල ආණ්ඩු ඒවා පිළිගත්තද ජනතාව සරණාගතයන් සමඟ එන සමාජ ප්‍රශ්න භාරගැනිමට කැමැති වුයේ නැත. යුරෝපය පුරා ශීඝ්‍රයෙන් අයි එස් ත්‍රස්තවාදි තර්ජන ව්‍යාප්ත විම හා සියගනන් යුරෝපා වැසියන් මරුමුවට පත්කළ අයි එස් ප්‍රහාර තත්ත්වය වඩාත් උග්‍ර කළේය. මෙහි අවසන් ප්‍රතිඵලය වුයේ යුරෝපයේ ජාතිකවාදි රැල්ලක් නිර්මාණය විමයි’

අද පැවැත්වෙන ප්‍රංස ජනාධිපතිවරණයෙන් අන්ත දක්ෂිනාංශික නායිකා ෂෝන් මරි ල පෙන් ජයගැනිමේ ඉඩ ප්‍රස්තා ඉතා අල්ප වුවද ඉදිරියේදි පැවැත්විමට නියමිත මහ මැතිවරණයේදි ඇගේ පක්ෂය බලවත් විමෙි අවදානමක් පවති. එමෙන්ම ජනාධිපතිවරණයේදි ජය ගනු ඇතැයි අපේක්ෂා කෙරෙන එමැනුවෙල් මාකොන්ගේ දේශපාලනික පරිණත බව මදිවිම රටේ ඉදිරි පාලනයට කොතරමි බලපායිද යන ප්‍රශ්න ඉස්මතු වී තිබේ.

බ්‍රිතාන්‍ය මහමැතිවරණ සුදානමේදි දක්නට ලැබෙන ප්‍රධානතම සාධකය අගමැතිනි තෙරෙසා මේ ගේ කන්සර්වෙටිවි පක්ෂයට ඇති ජනතා සහයයි. එය වාසිදායක තත්ත්වයක් වුවද අනාගත රජය මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන්නේ මහා බ්‍රිතාන්‍යය එක්සත්්ව තබාගැනිමයි. ඒ මන්ද මහා බ්‍රිතාන්‍යයේ වැදගත් කොටසක් වන ස්කොට්ලන්තය බ්‍රිතාන්‍ය පාලනයෙන් වෙන්ව යාමෙි ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර ඇති බැවිනි. එය යුරෝපා සංගමය බිඳී ගියාක් මෙන්ම ඒ තුලින් බ්‍රිතාන්‍යය බිඳී යෑමේ තර්ජනයක් ඉස්මතුවිමකි

ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ

Comments