
රුසියානු සුපිරි සහ සුරූපි ටෙනිස් ශූරිය වන මරියා ෂරාපෝවා නැවත වතාවක් ජාත්‍යන්තර ටෙනිස් ක්‍රීඩා පිටියට පිවිසියාය. ඒ ජර්මනියේ පැවැති ස්ටුට්ගාර්ට් විවෘත තරගාවලියේදීය. එහිදී අවසන් පූර්ව වටය තෙක් තරග කිරීමට ඇයට හැකිවූවාය.
එම අවසන් පූර්ව තරගයේ දී ෂරාපෝවාට තරග වට 2 - 1 ක පරාජයකට ලක්වීමට සිදුවූවාය. ඒ ප්‍රංශයේ ක්‍රිස්ටිනා ම්ලැඩිනොවිච් හමුවේදීය.
30 හැවිරිදි ෂරාපෝවා මෙසේ තරග කළේ මාස 15 ක තරග තහනමක් නිමා වීමෙන් අනතුරුවය. මෙල්ඩෝනියම් නැමැති තහනම් උත්තේජකය භාවිත කිරීමේ වරදට ෂරාපෝවාට මෙසේ තරග තහනමකට ලක්වීමට සිදුවූවාය.
ෂරාපෝවා වෛද්‍ය ප්‍රතිකාරයක් වශයෙන් මෙම මෙල්ඩෝනියම් පුරා දශකයකට ආසන්න කාලයක් භාවිතා කරනු ලැබුවාය. එහෙත් ගිය වසර මුලදී එය තහනම් උත්තේජකයක් වශයෙන් අන්තර්ජාතික ටෙනිස් සම්මේලනය විසින් නම්කරනු ලැබීය. ෂරාපෝවාගෙන් එහිදී අතපසුවීමක් සිදු වූවාය. එනම් මෙල්ඩෝනියම් තහනම් උත්තේජකයක් බවට නම්කර ඇති බවට ඇය දැන නොසිටීමයි. එම නිසා සුපුරුදු පරිදි ඇය මෙල්ඩෝනියම් භාවිතා කළාය. තහනම් උත්තේජක පරීක්ෂණයෙන් ඇය අසමත් වූයේ එවැනි වාතාවරණයකදීය.
ෂරාපෝවා හිටපු ලොව අංක 01 ක්‍රීඩිකාවකි. ඒ වගේම ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල (තනි) ශූරතා 05 ක හිමිකාරිණියකි. මීට අමතරව 2012 ඔලිම්පික් උළෙලේ රිදී පදක්කම්ලාභිනියකි.
ක්‍රීඩා නොකළත් ගිය වසරේදී වැඩිම ආදායමක් ඉපයූ ක්‍රීඩිකාවන් අතරින් දෙවන තැනට පත්වීමටත් ඇයට හැකි වූවාය. එහිදී මුල් තැන අමෙරිකානු ටෙනිස් ශූරිය වන සෙරිනා විලියම්ස්ටය.










