විවෘත්‍ර බීච් වොලිබෝල් විශිෂ්ඨ ජය බ්‍රසීලයට | Page 2 | සිළුමිණ

විවෘත්‍ර බීච් වොලිබෝල් විශිෂ්ඨ ජය බ්‍රසීලයට

ප්‍රශාන්ත ඇල්පිටිය

ජාත්‍යන්තර බීච් වොලිබෝල් සම්මේලනය (එෆ්. අයි. වී. බී.) විසින් වාර්ෂිකව විවිධ රටවලදී තරගාවලි රැසක්ම පවත්වනු ලබයි. මෙම වසරේදීත් එසේමය. ඒ අනුව පෙබරවාරි සහ අගෝස්තු මාසයන් අතරේදී කාන්තා සහ පිරිමි තරගාවලීන් 25 බැගින් පවත්වයි.

ඒ අනුව මෙම වසරේ පස්වැනි තරගාවලිය චීනයේ දී පවත්වනු ලැබීය. ඒ ෂියාමෙන් විවෘත තරගාවලියයි. මෙවර එහි කාන්තා ශුරතාව හිමිකර ගැනීමට සමත් වූයේ බ්‍රසීලයේ බාර්බරා සෙයිෂාස් සහ ෆර්නැන්ඩා ඇල්වෙස්ය. අවසන් තරගයේදී ඔවුන් විසින් සත්කාරක චීනයේ වෑන්ග් ෆැන් සහ යුවේ යුවාන් පරාජය කරන ලදහ. ඒ තරග වට 2 - 1 කිනි. ලකුණු 21 - 12, 19 - 21, 16 - 14 වශයෙනි.

මෙම තරගාවලියේ තෙවැනි තැන ජර්මනියේ ඉසබෙල් ෂ්නයිඩර් සහ වික්ටෝරියා බියිනෙක්ටය. ඔවුන් තරග වට 2 - 0 ක ජයක් ලැබූහ. ඒ ලකුණු 21 - 16, 21 - 19 කිනි. එහිදී පරාජය වූයේ බ්‍රසීලයේ මරියා ඇන්ටොනෙලි සහ කැරොලිනා හෝර්ටාය.

බාර්බරා සහ ෆර්නැන්ඩා විසින් කණ්ඩායමක් වශයෙන් හිමිකර ගත් ප්‍රථම ශූරතාව මෙය වේ. 30 හැවිරිදි බාර්බරා අඩි 5 අඟල් 10 ක් උසැතිය. ඇය මීට පෙර 2016 ඔලිම්පික් රිදී සහ ලෝක ශුරතාවලියන්හිදී 2015 රන්, 2013 ලෝකඩ පදක්කම් හිමිකර ගැනීමට සමත් වී තිබේ.

ෂියාමෙන් විවෘත තරගාවලියේදී අනුශුරියන් වූ ෆැන් සහ යුවාන් කණ්ඩායමක් වශයෙන් දස්කම් දැක්වූ ප්‍රථම අවස්ථාව මෙය වේ. මීට පෙර ඔවුහු 2016 ඔලිම්පික් උළෙලට සහභාගි වූහ. ෆැන් 23 හැවිරිදිය. අඩි 6 අඟල් 2 ක් උසැතිය. යුවාන් 29 හැවිරිදිය. ඇය අඩි 6 ක් උසැතිය.

මෙම වසරේ ලෝක තරගාවලියේ ප්‍රථම අදියර තරගාවලිය අමෙරිකාවේ ෆෝර්ට් ලෝඩර්ඩේල්හිදී පැවැත්විය. එය ජය ගත්තේ බ්‍රසීලයේ ලැරිසා ෆ්‍රැන්කා සහ තාලිටා ඇන්ටුනෙස්ය. දෙවන තරගාවලිය ඔස්ට්‍රේලියාවේ ෂෙපර්ටන් නුවරදී පවත්වන ලදී. තෙවන තරගාවලියත් ඔස්ට්‍රේලියාවේම සිඩ්නි නුවරදීය. මෙම ද්විත්ව තරගාවලි ජය ගනු ලැබුවේ කැනඩාවේ ජූලි ගෝර්ඩන් සහ කැමිල් සැක්ස්ටන් විසිනි. එහි සිවුවන තරගාවලියේ සත්කාරකත්වය මලයාසියාවේ ලැන්ග්කාවි නුවර විසින් දැරීය. එහිදී ශුරියෝ වූයේ අමෙරිකානුවෝ වූ කිම්බර්ලි ඩිසෙලෝක් සහ එමිලි ස්ටොක්මන්ය.

 

  

Comments