
උපනන්ද ජයසුන්දර
මාතර රාහුල විද්‍යාලයේ බාලකයෝ සහ මහනුවර මහාමායා විද්‍යාලයේ බාලිකාවෝ දෙවැනි ශ්‍රීමත් කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් සහාය දිවීමේ ශූරතාවලිය ජය ගැනීමට සමත් වූහ.
දිවයිනේ ප්‍රධාන බෞද්ධ පාසල් අටක් බාලක සහ බාලිකා වශයෙන් මෙම තරගාවලියට එක් විය. බාලක අනුශූරතාව මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ තෙවැනි ස්ථානය පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හිමිකර ගත්තේය. බාලිකා අනුශූරතාව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ තෙවැනි ස්ථානය මාතර සුජාතා විද්‍යාලය හිමිකර ගත්තේය.












