
බන්දුල ජයමාන්න
රවිෂ්ක ඉන්ද්‍රජිත්, නවෝද්‍ය සංඛපාල සහ අස්මිකා හේරත් ලෝක යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබා ගනිද්දී, පනස්පස්වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ වයස අවුරුදු 20 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව සහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට හිමිවන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගම් අභියෝගතා කුසලානය හිමිකර ගනිමින් බාලිකා තුන් පිම්ම ඉසව්වෙන් මීටර් 13.20 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කිරීමට හෂිනි පබෝධා බාලසූරිය සමත් වූවාය.
දියගම ක්‍රීඩාංගණයේ දින හතරක් පුරා පැවැති මෙම මලල ක්‍රීඩා තරගාවලියේ නව තරග වාර්තා 21 ක් බිහි කිරීමට ද ක්‍රීඩක - ක්‍රීඩිකාවෝ සමත් වූහ. ලාංකේය මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා ගැනීමට මේ කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මතුවන අංකුර ක්‍රීඩක - ක්‍රීඩිකාවෝ බෙහෙවින් ඉවහල් වෙති.
මෙසේ බිහිවන අංකුර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිසි පුහුණුවක් ලබාදීම තුළ කනිෂ්ඨ මට්ටමින් ඔබ්බට මෙකී දක්ෂතා වැඩිදියුණු කරගත හැකිය. මේ සඳහා ඇවැසි වන්නේ ශක්තිමත් වැඩපිළිවෙළකි. මෙවැනි තරග හරහා ඔවුන් ලබා ගන්නා වූ අත්දැකීම් හෙට දිනයේ සිය ක්‍රීඩා දිවිය සවි ශක්තිමත් කර ගැනීමට මේ අංකුර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මහඟු පිටිවහලක් වනු නියතය.
කනිෂ්ඨයන් අතර ශූර-ශූරියෝ
සුසන්තිකා ජයසිංහ අභියෝගතා කුසලානය
අවුරුදු 16 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව - එස්. එච්. සදිනි කවිෂා - විජිත ම. ම. වි. දික්වැල්ල, දුර පැනීම - මීටර් 5.48 නව තරග වාර්තාවකි.
එන්. ඒ. එන්. කිව්. ඒ. කුරේරා
අභියෝගතා කුසලානය
අවුරුදු 16 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා - මිලින්ද පෙරේරා - සාන්ත මරියා විද්‍යාලය හලාවත - මීටර් 200 - තත්පර 22.68.
දමයන්ති දර්ශා අභියෝගතා කුසලානය
අවුරුදු 18 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව - බිමාෂා අශ්මිකා හේරත් - කුලියාපිටිය ම. ම. වි., මීටර් 2000 බාධක දිවීම - විනාඩි 6.59.96 නව තරග වාර්තාවකි.
එන්. වෛරවනාදන් අනුස්මරණ කුසලානය
අවුරුදු 18 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා - ෂෙහාන් කාරියවසම් - සාන්ත ජෝශප් විද්‍යාලය, කොළඹ, මීටර් 110 කඩුලු පැනීම - තත්පර 14.41 නව තරග වාර්තාවකි.
දේශබන්දු ලුතිනන් කර්නල් ඩබ්. විමලදාස
අභියෝගතා කුසලානය
අවුරුදු 20 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව - බී. එම්. හෂිනි පබෝධා බාලසූරිය - ශුද්ධ වු පවුලේ කන්‍යාරාමය, වෙන්නප්පුව, තුන් පිම්ම - මීටර් 13.20 නව තරග වාර්තාවකි.
ඩී. ස්ටැන්ලි තාබෲ අනුස්මරණ කුසලානය
අවුරුදු 20 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා - නිපුන් කාවින්ද කල්දේරා - ලොයෙලා විද්‍යාලය, කොච්චිකඩේ, දුර පැනීම - මීටර් 7.52 නව තරග වාර්තාවකි.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගම්
අභියෝගතා කුසලානය
අවුරුදු 23 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව
නිර්මාලි මදුෂිකා - ශ්‍රී ලංකා ගුවන් හමුදාව, මීටර් 400 - තත්පර 55.10 නව තරග වාර්තාවකි.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගම්
අභියෝගතා කුසලානය
අවුරුදු 23 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා - එල්. ජී. ධනංජය – ශ්‍රී ලංකා යුද හමුදාව, දුර පැනීම - මීටර් 7.83 නව තරග වාර්තාවකි.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගම්
අභියෝගතා කුසලානය
දක්ෂතම ක්‍රීඩිකාව - බී. එම්. හෂිනි පබෝධා බාලසූරිය - ශුද්ධවු පවුලේ කන්‍යාරාමය, වෙන්නප්පුව, තුන් පිම්ම - මීටර් 13.20 නව තරග වාර්තාවකි.










