චැම්පියන්ස් ශූරතාවලිය තව දින 24 | සිළුමිණ

චැම්පියන්ස් ශූරතාවලිය තව දින 24

න්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය අටවැනිවරටත් පවත්වන චැම්පියන්ස් කුසලානය සඳහා තෝරාගත් විස්තර විචාරකයන්ගේ නම් ප්‍රකාශයට පත්කර තිබේ.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරන විස්තර විචාරකයා ලෙස පළමුවරට සංගක්කාර විචාරක කුටියට ගොඩවනු ඇත. මේ අනුව අයි. සී. සී. ය සංවිධානය කළ ප්‍රධාන පෙළේ ක්‍රිකට් තරගාවලීන්හිදී විචාරකයකු ලෙස එක් වූ රසල් ආර්නල්ඩ්ට මෙවර චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ විචාරක අවස්ථාව අහිමිවනු ඇත.

සංගාට අමතරව රිකී පොන්ටිං, බ්‍රෙන්ඩන් මැක්කලම් හා ග්‍රැහැම් ස්මිත් විචාරකයන් ලෙස මෙවර කටයුතු කරනු ඇත. මේ පිළිබඳ අදහස් දක්වා ඇති සංගා ප්‍රකාශ කරන්නේ මේ අවස්ථාව ඉමහත් ගෞරවයක් ලෙස සලකන බවත්, ලොව ප්‍රබලම ක්‍රීඩකයන් සමඟ උරෙන් උර ගැටෙන මේ තරගාවලියේ විස්තර විචාරකයකු ලෙස කටයුතු කිරීමට තමා නොඉවසිල්ලෙන් පසුවන බවයි.

Comments