
ආහාරද වසවිසද කතාබහට එක් වෙමින් ආයුර්වේද වෛද්‍ය ආචාර්ය එල්.පී.ඒ. කරුණාතිලක ගිය වර පැහැදිලි කර සිටියේ ආහාරවලට වසවිස එක් වන ක්‍රම සම්බන්ධවයි. මෙවර කතාබහට එක් වෙමින් ආචාර්ය කරුණාතිලක පැහැදිලි කර සිටියේ නිරෝගීව ජීවත් වීමට නිවැරැදි ආහාර රටාවක් පවත්වා ගන්නේ කෙසේද යන්න සම්බන්ධවයි. එහිලා අදහස් දක්වමින් වෛද්‍යතුමන් ආයුර්වේදයට අනුව රෝග සෑදෙන අන්දම, රෝග වළක්වා ගන්නා අන්දම සහ රෝග හොඳ කර ගන්නා අන්දම සම්බන්ධව ප්‍රථමයෙන්ම අවධානය යොමු කර සිටියා. දීර්ඝායුෂ පවත්වා ගැනීමට මූලික වන කරුණු අතර ප්‍රථමයෙන්ම පවතින්නේ ආහාරයි. ප්‍රධාන වර්ගීකරණයට අනුව ලෙඩ රෝග සෑදෙන ක්‍රම තුනකි. එනම්: ආහාර, විහරණ සහ ඔෟෂධ යනුවෙනි. ආහාර යනුවෙන් හැඳින්වෙන්නේ අප ගන්නා ආහාර හේතුවෙන් ලෙඩරෝග සෑදීමයි. විහරණ යනු අපගේ ඇවතුම් පැවතුම්. අපේ වැරදි ඇවතුම් පැවතුම් නිසා ලෙඩරෝග හැදෙන්න පුළුවන්. තුන්වනුව අප ගන්නා ඖෂධ. අපි බෙහෙත් ගන්නේ ලෙඩ සනීප කරගන්න. ඒත් එලෙස ගන්නා ඖෂධ නිසාත් අපි ලෙඩ වෙන්න පුළුවන්. තව ලෙඩ හැදෙන ක්‍රම තිබෙනවා. අභිඝාත කියන්නේ වැටීම්, තැළීම් වැනි අනතුරු හේතුවෙන් රෝගී වීම. ජන්මජ කියන්නේ අප උත්පත්තියෙන් ගෙනෙන රෝග.
මේ පැහැදිලි කිරීම් මගින් පෙන්නුම් කරන්නේ අප ගන්නා ආහාර අපේ පැවැත්මට කොතරම් බලපෑම් කරනවාද කියන කාරණය. ආහාර තමයි බොහෝ දේ තීරණය කරන්නේ. ඒ නිසයි අප ශරීරයට හිතකර ආහාර පමණක්ම ගත යුත්තේ.
ආයුර්වේද වෛද්‍ය ආචාර්ය කරුණාතිලක පෙන්වා දෙන අන්දමට ආහාර කිව්වට නිකම්ම ආහාර අරගෙන වැඩක් නැහැ. අප ගුණාත්මක ආහාර ගත්තත් ආහාර ගන්නා ආකාරය අනුවත් නොයෙක් රෝග සෑදීමට ඉඩ තිබෙනවා. ආහාර ගන්නා අන්දම ආයුර්වේදයේ කොටස් තුනක් යටතේ වර්ග කර දක්වනවා. ඒ තමයි අඩු, වැඩි සහ වැරැදි වශයෙන්.
'අඩු' කියන වර්ගීකරණයේදී අදහස් කෙරෙන්නේ මිනිස් සිරුරට අවශ්‍ය වන ආහාර ප්‍රමාණයට වඩා අඩුවෙන් ආහාර ගැනීම. ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් ආහාර ගත්තොත් අප රෝගී විය හැකියි.
'වැඩි' කියන වර්ගීකරණයේදී අදහස් කෙරෙන්නේ සිරුරට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් ආහාර ගැනීමයි. ඒ හේතුවෙන් කෙනෙක් රෝගී විය හැකියි. සිරුරට අවශ්‍ය වන්නේ ග්රෑම් 100ක් නම්, අප ආහාරයට ගන්නවා ග්රෑම් 200ක්. අතුරු ප්‍රතිඵලය රෝගී වීම.
තුන්වනුව එන්නේ වැරදි හෙවත් මිථ්‍යා. ඒ කියන්නේ අපේ වැරදි ආහාර රටාව. එයත් රෝගී වීමට ප්‍රබල හේතුවක්. අප ගන්නා ආහාර ගුණාත්මක නැති නම්, පිළියෙල කර ගන්නා ක්‍රම හේතුවෙන් ආහාරයේ පෝෂණ ගුණය මැකී යනවා නම් එයත් රෝගවලට හේතුවක්.
තුන්වැනි හේතුව හෙවත් වැරදි ආහාර රටාවට සංකීර්ණ ජීවන රටාව, වැරදි ඇවතුම් පැවතුම් ප්‍රබල ලෙස හේතු වෙනවා. මේ සියල්ලේ අවසාන ඵලය අපට නොයෙක් රෝග වැලඳීමයි.
අප හිතනවාට වඩා ලෙඩ රෝග ප්‍රමාණයක් ආහාර හේතුවෙන් අපට වැලඳෙන බව තමයි ආචාර්ය කරුණාතිලක පෙන්වා දුන්නේ. ඒ ගැන තොරතුරු ලබන සතියේ ඔබට දැනගන්න පුළුවන්.