
කර්තෘ - ගාමිණී ද සිල්වා
ප්‍රකාශනය - කර්තෘ ප්‍රකාශනයකි
මිල - රු. 760යි
ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණ පුස්තකාලයාධිපතිවරයකු වන ගාමිණී ද සිල්වා මහතා තමාගේ දිගු කාලීන ඉගැනුම්, ඉගැන්වීම් සහ වෘත්තීය පළපුරුදු සදාශ්‍රය කර ගනිමින් රචිත “පුස්තකාල වර්ග, කාර්යයන් සහ සේවා: පුස්තකාල හා විඥාපන විද්‍යාව පිළිබඳ නව ප්‍රවේශයක්” යන කෘතිය සමස්ත පුස්තකාල වෘත්තිකයන්ට, විද්‍යාර්ථින්ට සහ වෘත්තීය ගමන් මඟෙහි ඉදිරිය බලා ගමන් කරන්නවුන්ට තම ශාස්ත්‍රීය හා පර්යේෂණ කාර්යයන් සඳහා විශේෂයෙන් ඉවහල් කරගත හැකි මාහැඟි ග්‍රන්ථයක් ලෙස හැඳින්විය හැකිය. ́සෑම මට්ටමේ පුස්තකාල විද්‍යා පාඨමාලාවක අන්තර්ගත වන ප්‍රාරම්භක මෙන් ම ප්‍රධාන කොටසක් වන්නේ පුස්තකාල, පුස්තකාල වර්ග, කාර්ය සහ සේවා යන අංශය යි.
එයට මූලික හේතුව වන්නේ පුස්තකාල ක්‍ෂේත්‍රයේ සියලු ම ආධුනික හෝ ප්‍රවීණයකු පළමුවෙන් හොඳින් පුස්තකාල, ඒවායේ වර්ග, කාර්යයන් සහ සේවා, පුස්තකාල ව්‍යුහය, රටක පුස්තකාල සංවිධානය යන අංශ පිළිබඳ පසක් කරගත යුතු වීම යි. මෙවැනි මූලික කරුණු පිළිබඳ නිසි අවබෝධයෙන් තොර ව පුස්තකාල හා විඥාාපන විද්‍යා අධ්‍යාපනයක් ඉතා ක්‍රමානුකූලව ලබාගත නොහැකි වන අතර එය බලවත් අඩුපාඩුවක් ද වනු ඇත. ඒ අනුව පුස්තකාල හා විඥාාපන විද්‍යා අධ්‍යාපනයේ දීත්, පුස්තකාල වෘතිකයකු හෝ ආධුනික මට්ටමේ අයකු ලෙස පුස්තකාලවල වැඩ කටයුතු ආරම්භ කර එලෙස වැඩ කරගෙන යෑම සඳහාත් ඉහතින් සඳහන් කළ අංශ පිළිබඳ යථාවබෝධයක් හා පරිචයක් ලබාගත යුතු වේ. මෙවැනි අත්‍යවශ්‍ය අංශයක් පිළිබඳ ව සිංහල බසින් ඉතා විචාරාත්මක හා විචිත්‍ර ලෙස ප්‍රකාශයට පත් වන පළමු වන ග්‍රන්ථය ලෙස මෙය හැඳින්වීම නිවැරැදි යැයි සිතමි.
දිවංගත අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා හඳුන්වාදුන් අධ්‍යාපන සියවස සැමැරුම සලකා පිහිටු වන ලද කනිෂ්ඨ විශ්වවිද්‍යාල යටතේ 1968 දී ආරම්භ කරන ලද පුස්තකාල හා විඥාපන විද්‍යා පාඨමාලාවේ ආරම්භක කථිකාචාර්යවරයකු මෙන් ම ශ්‍රී ලංකා පුස්තකාල සංගමය හා කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල හා විඥාාපන විද්‍යා අංශයේ පාඨමාලාවල බාහිර කථිකාචාර්යවරයකු මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨ පුස්තකාලයේ ජ්‍යේෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති, රුහුණු සහ රජරට විශ්වවිද්‍යාලවල පුස්තකාලයාධිපති වශයෙන් කටයුතු කරමින් ඉතා දීර්ඝ අත්දැකීම් මෙන් ම පුස්තකාල කටයුතු පිළිබඳ හසල අවබෝධයක් හා පරිචයක් ඇති ගාමිණී ද සිල්වා මහතාණන් අතින් මෙවන් කෘතියක් රචනා වීම පුස්තකාල හා විඥාාපන විද්‍යාව හදාරන්නන් හා සෙසු පුස්තකාල වෘත්තිකයන් ගේ මහඟු වාසනාවක් ලෙස හැඳින්වීම නිවැරැදි ය.
ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ පුස්තකාල හා විඥාාපන විද්‍යා ශාස්ත්‍රපති පාඨමාලාවේ අවශ්‍යතාවක් ලෙස සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද පර්යේෂණ නිබන්ධය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පුස්තකාලවල කාර්යය සහ සේවා මැනැවින් විදහා දක්වන කෘතියක් වන අතර ඒ අත්දැකීම් ද මෙවන් කෘතියක් ලිවීමට ඉවහල් ව ඇත. අවුරුදු 50කට නො අඩු කාලයක් පුස්තකාල විද්‍යා පාඨමාලාවල ඉගැන්වීමේ දීර්ඝ පළපුරුද්ද සමඟ මේ ග්‍රන්ථය ඉතා විද්‍යානුකූල ව සකස් කර තිබේ. ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ සහ විශ්වවිද්‍යාල පුස්තකාලයාධිපතිවරුන්ගේ සංගමයේ පෘථුල කාර්යයක් ඉටුකළ ගාමිණී ද සිල්වා මහතා බ්‍රිතාන්‍ය පුස්තකාල සංගමයේ අධි සාමාජිකත්වයෙන් පිදුම් ලද ශ්‍රී ලංකාවේ පුස්තකාලයාධිපතීන් අතළොස්සට අයත් පුස්තකාල හා විඥාාපන විද්‍යා විද්වත් වෘත්තිකයෙක් වේ.
මේ කෘතිය පරිශීලනය කරන අයකුට එහි ශාස්ත්‍රීය සහ පර්යේෂණ වටිනාකම් මනා ව ප්‍රත්‍යක්ෂ වන අතර ඉහත සඳහන් අද්දැකීම්වල ප්‍රතිඵල මේ අගනා ග්‍රන්ථයෙන් දිස් වේ. මේ කෘතිය මූලික පරිච්ඡේද හයකින් සමන්විත ය. පළමු වැනි පරිච්ඡේදයෙන් ජාතික පුස්තකාලය පිළිබඳවත් දෙවැනි පරිච්ඡේද ෙයන් විවිධ රටවල ජාතික පුස්තකාල පිළිබඳවත් තෙවැනි පරිච්ඡේදයෙන් මහජන පුස්තකාල පිළිබඳවත් සිවුවැනි පරිච්ඡේදයෙන් පාසල් පුස්තකාලය පිළිබඳවත් ද පස්වැනි පරිච්ඡේදයෙන් විශ්වවිද්‍යාල පුස්තකාල සහ හයවැනි පරිච්ඡේදයෙන් විශේෂ පුස්තකාල පිළිබඳවත් අවධානය යොමු කෙරේ. එක් එක් පරිච්ඡේදවල අන්තර්ගත කරුණු ඉතා
තියුණු ලෙස පරීක්‍ෂා කිරීමේ දී අපට පසක් වන්නේ විද්‍යාර්ථීන්ට පමණක් නොව ඒ ඒ පුස්තකාල වර්ගය භාර පුස්තකාලයාධිපතීන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ද මෙම කෘතිය ඉතා ප්‍රයෝජනවත් වන බව යි. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ඒ ඒ පුස්තකාලය පරිශීලනය කිරීමට යන පාඨකයනට මහඟු මාර්ගෝපදේශ ග්‍රන්ථයක් වීමයි. අනෙකුත් බොහෝ පාඨ ග්‍රන්ථ හුදෙක් පුස්තකාල හා විඥාාපන විද්‍යාව හදාරන විද්‍යාර්ථීනට හා ඉගැන්වීම් කටයුතුවල යෙදෙන අයට පමණක් ප්‍රයෝජනවත් වුව ද මේ මාහැඟි ග්‍රන්ථය විද්‍යාර්ථීනට ගුරුවරුන්ට, පුස්තකාල භාර ව කටයුතු කරන කාර්ය මණ්ඩල සාමාජිකයනට සහ පාඨකයන්ට ද එක සේ ප්‍රයෝජනවත් වේ.
හැම විටම අදාළ පුස්තකාල වර්ගය කුමක් ද යන්න පාඨකයනට අවබෝධ කරවීම, ඒ පුස්තකාල වර්ගයේ ඉතිහාසය, ඒ පුස්තකාල වර්ගය පිළිබඳ නිර්වචන, පුස්තකාල කාර්යයන් හා පුස්තකාල සේවා ෙමහිදී ක්‍රමානුකූලව ඉදිරිපත් කර ඇත. ජාතික පුස්තකාලය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා මේ කෘතියේ පළමු වැනි පරිච්ඡේදය පරිශීලනය කළ පාඨකයකුට මෙහි දෙවැනි පරිච්ඡේදයෙන් ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය මඟින් සපයන සියලුම සේවා සහ ක්‍රියාත්මක කරන කාර්යයන් මනාව අවබෝධ කරගත හැකි වන අතර ලෝකයේ ප්‍රධානතම ජාතික පුස්තකාල වන බ්‍රිතාන්‍ය පුස්තකාලය, ඇමරිකා කොංග්‍රස් පුස්තකාලය ඇතුළු අනෙකුත් අද්විතීය ජාතික පුස්තකාල ගැන විස්තර කියැවීමෙන් ලෝකයේ ජාතික පුස්තකාල ගැන පූර්ණ අවබෝධයක් ලබාගත හැකිය. ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය බිහිවීම ආශ්‍රිත වාර්තා ඇතුළු ඉතිහාසය මෙන් ම අනෙකුත් ජාතික පුස්තකාලවල ඉතිහාසය ද සංක්‍ෂිප්ත ව දක්වා තිබීම අගනා කටයුත්තකි.
මෙහි මහජන පුස්තකාල ගැන සපයා ඇති විස්තර ගුණාත්මක සහ ප්‍රාමාණික වශයෙන් ඉහළ අගයක් ගනී.
ලෝකයේ මහජන පුස්තකාල ආරම්භය මෙන් ම ශ්‍රී ලංකාවේ පුස්තකාල ඉතිහාසය ගැන දක්වමින් මහජන පුස්තකාල බිහිවීම සහ ඒවා හා බැදුණු නීති අණපනත් පිළිබඳ පූර්ණ විස්තරයක් ඉදිරිපත් කර ඇත. පාසල් පුස්තකාල, විශේෂ පුස්තකාල හා විශ්වවිද්‍යාල පුස්තකාල පිළිබඳ ලියැවී ඇති පරිච්ඡේද අංග සම්පූර්ණ ලෙස සකස් කර ඇති අතර ඒ හැම පරිච්ඡේදයක ම නවතම කරුණු, දත්ත හා සංඛ්‍යා ලේඛන, සිත් ඇදගන්නා ඡායාරූප, වගු, රූප සටහන් ඉතා ගුණාත්මක ලෙස සපයා ඇති උක්ත කරුණු අනුව මේ කෘතිය බවට නිසැකව ම පත් වේ. මෙය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර ජගත් පාඨක ප්‍රජාව හමුවේ තැබීමට යෝග්‍ය කෘතියක් වන බව මාගේ විශ්වාසයයි. මෙහි දෙමළ භාෂා පරිවර්තන කෘතියක් ඉදිරි පත් කිරීම ද ඉතා වැඩදායක වනු ඇත.
සිංහල භාෂාව කතා කරන පාඨක ලෝකය වෙත ගාමිණී ද සිල්වා මහතා ඉදිරිපත් කළ මේ අගනා කුලුඳුල් ප්‍රයත්නය පිළිබඳ ව අපගේ හෘදයංගම ආශිංසන හා කෘතඥාතා පූර්වක ස්තුතිය පිරිනමමි.