
ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටී ඇති බවට කෙරෙන චෝදනාවල සත්‍යයක් නැති බවත් මේ වන විට විදේශ වත්කම් ඩොලර් බිලියන 5 දක්වා වර්ධනය වී තිබෙන බවත් තව මාස කීපයකින් එම වත්කම තවත් වර්ධනය කෙරෙන සැලසුම් ක්‍රියාවට නැංවෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය ප්‍රධානීන් අමතා පසුගියදා 20 වැනිදා පැවසීය. ඊට අදාළ සංවර්ධන ක්‍රියාදාමය කාර්යක්ෂම කිරීම පිණිස ඉදිරි සති දෙක ඇතුළත රාජ්‍ය ආයතනවල වෙනස්කම් රාශීයක්ද සිදුකිරීමට නියමිතය.
ජාතික සංවර්ධනය සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් නියමිත පිරිදි පැවත්වීම අනිවාර්ය බවත් ඒ සඳහා කාලසටහන් සකසා දී අධීක්ෂණය කරන බවත් ජනාධීපතිතුමා එහිදී අවධාරණය කළේය. තේ, රබර් මෙන්ම පොල් හා වීවලට හොඳ නිෂ්පාදන මිලක් ලැබී ඇත. පරාක්‍රම සමුද්‍රය මෙන් හය ගුණයක් විශාල මොරගහකන්ද - කළු ගඟ ජලාශය පුරවමින් ඇත.
උතුර හා නැගෙනහිර දෙපළාතේ වැව් 600 ක් මේ යටතේ සංවර්ධනය කෙරේ. මෙය කෘෂි ආර්ථිකය ශක්තිමත්වීමක් බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.
ඖෂධ මිල පහත දැමීම සාමාන්‍ය ජනතාවට සෙත සැලසීම අතින් වත්මන් ආණ්ඩුව ගත් වැදගත් පියවරකි. හෘදය රෝගීන්ට ස්ටෙන්ත්, අක්ෂි කාච ඉතා අඩු මිලට හා නොමිලේ ලබාදීමට පියවර ගෙන ඇත.එසේම ලංගම සේවකයන්ගේ හිඟ ලෙසින් තිබූ බිලියන 12ක අර්ථසාධක හා සේවකභාරකාර අරමුදල් බිලියන 6 දක්වා අඩු කිරීමත් කටුනායක ගුවන් තොටුපොළේ ධාවන පථ ප්‍රතිසැලැසුම නිසි කලට පෙර නිම කර ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටී ඇති බවට කෙරෙන චෝදනාවල සත්‍යයක් නැති බවත් මේ වන විට විදේශ වත්කම් ඩොලර් බිලියන 5 දක්වා වර්ධනය වී තිබෙන බවත් තව මාස කීපයකින් එම වත්කම තවත් වර්ධනය කෙරෙන සැලසුම් ක්‍රියාවට නැංවෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය ප්‍රධානීන් අමතා පසුගියදා 20 වැනිදා පැවසීය. ඊට අදාළ සංවර්ධන ක්‍රියාදාමය කාර්යක්ෂම කිරීම පිණිස ඉදිරි සති දෙක ඇතුළත රාජ්‍ය ආයතනවල වෙනස්කම් රාශීයක්ද සිදුකිරීමට නියමිතය.
ජාතික සංවර්ධනය සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් නියමිත පිරිදි පැවත්වීම අනිවාර්ය බවත් ඒ සඳහා කාලසටහන් සකසා දී අධීක්ෂණය කරන බවත් ජනාධීපතිතුමා එහිදී අවධාරණය කළේය. තේ, රබර් මෙන්ම පොල් හා වීවලට හොඳ නිෂ්පාදන මිලක් ලැබී ඇත. පරාක්‍රම සමුද්‍රය මෙන් හය ගුණයක් විශාල මොරගහකන්ද - කළු ගඟ ජලාශය පුරවමින් ඇත.
උතුර හා නැගෙනහිර දෙපළාතේ වැව් 600 ක් මේ යටතේ සංවර්ධනය කෙරේ. මෙය කෘෂි ආර්ථිකය ශක්තිමත්වීමක් බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.
ඖෂධ මිල පහත දැමීම සාමාන්‍ය ජනතාවට සෙත සැලසීම අතින් වත්මන් ආණ්ඩුව ගත් වැදගත් පියවරකි. හෘදය රෝගීන්ට ස්ටෙන්ත්, අක්ෂි කාච ඉතා අඩු මිලට හා නොමිලේ ලබාදීමට පියවර ගෙන ඇත.එසේම ලංගම සේවකයන්ගේ හිඟ ලෙසින් තිබූ බිලියන 12ක අර්ථසාධක හා සේවකභාරකාර අරමුදල් බිලියන 6 දක්වා අඩු කිරීමත් කටුනායක ගුවන් තොටුපොළේ ධාවන පථ ප්‍රතිසැලැසුම නිසි කලට පෙර නිම කර ඒ 380 ගුවන් යානා පවා ගොඩබැස්සවිය හැකි පරිදි සකස් කළ බවද ජනාධිපති තුමා එම සාකච්ඡාවේ දී පෙන්වා දුන්නේය.
මානව හිමිකම් සම්බන්ධයෙන් එන අන්තර්ජාතික යෝජනා අතරින් කළ හැකි දේ පමණක් ඉටුකරන අතර අන්තර්ජාතික හොඳහිත සමඟ ඉතිරි අභියෝග බේරා ගත හැකියැයි ජනාධිපති තුමා සිය විශ්වාසය ඵල කළේය.
‘සයිටම්‘ ප්‍රශ්නය සම්බන්ධයෙන් රජය පැහැදිළි විසඳුමක් ලබා දී ඇතැයි පැවසූ ජනාධිපතිතුමා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන තිබිය යුතු බව රජය ප්‍රතිපත්තියක් ලෙස පිළිගන්නා බවද සඳහන් කළේය.
‘සයිටම්‘ ආයතනය තනි පුදුගල අයිතිය යටතේ නොතබා කොටස් වෙළඳපොළට විවෘත, කළමණාකාරීත්වය පාලක මණ්ඩලයකට පැවරෙන ආයතනයක් බවට පත් කෙරේ.
නීතිය හා බලය ඇති අදාළ ආයතන ‘කඹ ඇදීමක‘ නිරතවීම නිසා මීතොටමුල්ල කුණු කන්ද නාය යාමට ප්‍රධාන හේතුවක් බවත් මේ සිදුවීම ගැන විශ්‍රාමික විනිසුරුවරයකුගෙන් වාර්ථාවක් මාසයක් ඇතුළත ලබා ගෙන වරදක් සිදු කළ අය සිටීනම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ජනාධිපතිතුමා පැවසීය.