Fox Hill 2017 රිදී ජුබිලි ජය අෂාන් සහ ඉෂාන්ට | සිළුමිණ

Fox Hill 2017 රිදී ජුබිලි ජය අෂාන් සහ ඉෂාන්ට

බන්දුල ජයමාන්න

ලාංකේය මෝටර් රථ තරග බිමේ සිය ආධිපත්‍යය යළිත් වතාවක් විදහා දැක්වූ අෂාන් සිල්වා ශූරතම මෝටර් රථ ධාවකයා ලෙසත් මේ ගෙවීයන මොහොතේ මෝටර් ක්‍රොස් යතුරු පැදි ක්ෂේත්‍රයේ තම ආධිපත්‍යයට අභියෝග කළ හැකි කිසිවකුත් නොවන බව පසක් කළ ඉෂාන් දසනායක ශූරතම යතුරු පැදි ධාවකයා ලෙසත් කිරුළ දිනා ගැනීමට රිදී ජුබිලි ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේ දී මෙවර සමත් වූහ.

 

 

 

 

 

 

 

 

 

 

 

මෙවර තරගාවලියේදී සුපිරි මෝටර් රථ ධාවකයන් වූ පසිඳු පීරිස් සහ උෂාන් පෙරේරාගේ පසුබෑම කැපී පෙනුණි.

පසුගිය වසරේ ස්ලාඩා වසරේ යතුරුපැදි ශූරයා වූ ඉෂාන් මෙවර සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණෙමින් සෙසු තරගකරුවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළේය.

තවත් සුපිරි යතුරුපැදි ශූරයකු වූ ගයාන් සඳරුවන් ආබාධයක් නිසා මෙවර තරගාවලියට එක් නොවීය.

යතුරුපැදි අංශයේ පසුගිය වසරේ ශූරයා වූයේද ඉෂාන් දසනායකයි.

 

Comments