
ප්‍රශාන්ත ඇල්පිටිය
දෙස් විදෙස් සංචාරකයන් සුන්දර අප්‍රේල් වසන්ත සමය ශ්‍රී ලංකාවේ ගතකරන්නේ නම් ඔවුන් තෝරා ගනු ලබන්නේ නුවරඑළියයි. මේ නිසාම මෙම කාලයේ දී නුවරඑළිය ආශ්‍රිතව විශේෂාංග රැසක්ම වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. එහිදී වැඩිම අවධානයක් යොමු වන්නේ තුරග තරග සඳහාය.
මෙම වසරේදීත් එහි කිසිදු වෙනසක් සිදු වූයේ නැත. ස්ථානය නුවරඑළිය තුරග තරග පිටියයි. එහිදී විශේෂිත තරග හතක්ම පවත්වනු ලැබීය. ඊට සහභාගි වූ තුරගුන් ගණන 46 කි. මෙම තරග සංවිධානය කරනු ලැබුවේ රාජකීය තුරග තරග සමාජයයි.
තරග ප්‍රතිඵල
රාජකීය තුරග තරග සමාජීය පෝනි සුබ සාධන කුසලානය (මීටර් 1000)
1. ශ්‍රී ලංකන් ක්වීන් (හිමිකරු - නවනීත, පුහුණුකරු එස්. ඩී. ලලිත්, අසරුවා - එල්. රවිකුමාර්), 2. අයි ටච් 3. මිස්ටි ක්වීන්
ස්පෝර්ටිං ටයිම්ස් (මීටර් 1400)
1. ඔනොරියස් (හිමිකරු - ෆියර්ලස් අස්හල, පුහුණුකරු - ඩබ්. ජයන්ත, අසරුවා - එස්. ප්‍රදීප්), 2. මියුසිකල් ට්‍රෙෂර්, 3. ඔගස්තා.
බ්ලැක්පුල් හෝටල් කුසලානය
(මීටර් 1600)
1. කිංග්ස්ටන් ටවුන් (හිමිකරු - හසංග ජයරත්න සහ ජේ. ආර්. ඉරුගල්බණ්ඩාර, පුහුණුකරු - මනිෂ්රාජ් සෙති, අසරුවා - ඒ. ඉම්රාන් ඛාන්) 2. සෙලෙස්ටියල් ෆයර් 3. ගැෂකි.
රාජකීය තුරග තරග සමාජීය මැජික් මිලියන අභියෝගතා කුසලානය (මීටර් 1800)
1. මෙහෙරාන් (හිමිකරු - හසංග ජයරත්න, පුහුණුකරු - මනිෂ්රාජ් සෙති, අසරුවා - ඒ. ඉම්රාන් ඛාන් 2. ඇල්කාෂාබා 3. රොස්වොල්ඩ්.
ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යංශ කුසලානය (මීටර් 1600)
1. කැප්ටන් හැඩොක් (හිමිකාරිණිය - දීප්තිකා ජයකොඩි, පුහුණුකරු - එස්. පී. ඒ. රාජු, අසරුවා - වයි. එස්. ශ්‍රීනාත්) 2. ග්ලිටරිංග් 3. අයිස්ලැන්ඩික්.
ස්පෝර්ටිං ස්ටාර් කුසලානය
(මීටර් 1400)
1. සුප්‍රීම් (හිමිකාරිණිය - දීප්තිකා ජයකොඩි, පුහුණුකරු - එස්. පී. ඒ. රාජු, අසරුවා - අනීල්) 2. කොලරාටෝ, 3. ක්‍රිම්සන් ක්වෙස්ට්
රාජකීය තුරග තරග සමාජීය කුසලානය (මීටර් 1000)
1. එයාර්බෝර්න් 11 (හිමිකරුවෝ - ජයරත්න අස්හලා නියෝජනය කළ ගාමිණී ජයරත්න යුවළ, පුහුණුකරු - එස්. ශ්‍රීදර්, අසරුවා - එස්. දසදරන්) 2. ක්වීන් ඔෆ් ද හිල්, 3. කැබ්‍රෙසේ.