අනුලා සහ රත්නාවලී බැට්ල් ඔෆ් ක්වීන්ස් මහා ක්‍රිකට් ගැටුම 04 වැනිදා | සිළුමිණ

අනුලා සහ රත්නාවලී බැට්ල් ඔෆ් ක්වීන්ස් මහා ක්‍රිකට් ගැටුම 04 වැනිදා

බන්දුල ජයමාන්න

ම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලය සහ නුගේගොඩ අනුලා විද්‍යාලය අතර පැවැත්වෙන ප්‍රථම සීමිත පන්දුවාර 40 මහා ක්‍රිකට් ගැටුම 'බැට්ල් ඔෆ් ක්වීන්ස්' 04 දා ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

අනුලා විද්‍යාලය අමාෂා පෙරේරාගේ නායකත්වය යටතේ පිටියට පිවිසෙන අතර, රත්නාවලී බාලිකා විද්‍යාලය පබසරා රණබාහුගේ නායකත්වය යටතේ පිටියට පිවිසෙයි.

ප්‍රතිවාදීන්ට හොඳ සටනක් දෙනවා
අමාෂා පෙරේරා අනුලා - නායිකා

අපේ කණ්ඩායම හොඳ සමබර කණ්ඩායමක් කියලා කියන්න පුළුවන්. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ක්‍රීඩා කරන හර්ෂිතා මාධවි අපේ කණ්ඩායමට ලොකු ශක්තියක්.

මේ පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග අටක් විතර ක්‍රීඩා කළා. සමස්ත ලංකා තරගාවලියේ අනුශූරියෝ. අපි අවසන් තරගයේ පරාජය වුණේ රත්ගම දේවපතිරාජ විද්‍යාලයට. අපි ටීම් එකක් විදියට සියලුම දෙනා ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. මේ වගේ තරගයක් පැවැත්වීම අපේ ගමනටත් ලොකු ශක්තියක්. හොඳ තරගයක්, ප්‍රතිවාදීන්ට හොඳ අභියෝගයක් දෙන්න බලනවා.

 

ලොකු බලාපොරොත්තුවකින් තරගයට එන්නේ
පබසරා රණබාහු රත්නාවලී - නායිකා

මේ වගේ මහා ක්‍රිකට් තරගයක් පැවැත්වීම ගැන ගොඩක් සතුටුයි. අපි ප්‍රතිවාදීන්ට හොඳ තරගයක් දීලා, මේ ඓතිහාසික තරගය ජය ගන්න තමයි බලන්නේ.

අපි මේ පාසල් තරගවාරයේ සුපිරි අට වටයට දක්වාම ආවා. අපේම වැරැදිවලින් තමයි අවාසනාවන්ත විදියට පරාජය වුණේ. දැන් අපි වැරැදි හදුනාගෙන මේ තරගය සඳහා මාස තුනක විතර කාලයක් පුහුණුවීම් කරනවා.

අපි කණ්ඩායමක් විදියට සියලුම දෙනා ගැනම බලාපොරොත්තු තියාගෙන තමයි මේ තරගයට එන්නේ. ප්‍රතිවාදීන්ට හොඳ තරගයක් දෙන්න බලනවා. තරගයේ ඒ මොහොතේ වෙන වෙනස්කම් එක්ක ඉදිරියට යන්න බලනවා.

Comments