මුහුදෙත් කුණු ගොඩක්! | සිළුමිණ

මුහුදෙත් කුණු ගොඩක්!

ලොව සාගර රැසක කැළිකසළ විශාල වශයෙන් ඒකරාශී වී පවතින බව පර්යේෂණයකින් සනාථ වී තිබේ. පර්යේෂණය සිදු කර තිබෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ මියාමි විශ්වවිද්‍යාලයට අනුබද්ධ සාගර සහ වායුගෝලීය විද්‍යා පිළිබඳ කොලීජියෙහි පර්යේෂකයන් පිරිසකි. සාගරවල වැඩිපුරම දැකිය හැකි වන්නේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බව වාර්තා වේ. සාගරවලට එකතු වන අපද්‍රව්‍ය රළ සහ සුළං ක්‍රියාකාරිත්වය නිසා සාගරවලම වෙනත් ස්ථානවලට එකතු වීම සිදු වේ. නිතර නිතර කැළිකසළ එකතු වන්නේ කවර සාගර ප්‍රදේශවලද, එම ස්ථානවලට අපද්‍රව්‍ය ගසාගෙන එන්නේ කවර මාර්ගවලින්ද යන්න සිතියම්ගත කිරීමටත් පළමුව කී විද්වත්හු සමත්ව සිටිති. කැළිකසළ ඒකරාශි වී ඇති එවැනි ස්ථාන සිතියම මත හැඳින්වෙන්නේ 'අපද්‍රව්‍ය පැල්ලම්' වශයෙනි. තම නගර ඉතා පිරිසුදුව තබාගැනීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන අමෙරිකාව ඇතුළු බටහිර රටවල් රාශියක්ම කුණුකසළ සාගරයට දැමීම සම්බන්ධයෙන් චෝදනා ලැබිය යුතු අතර, ඒ සම්බන්ධව දැන් ලෝකයේම අවධානය යොමු වෙමින් පවතී.

 

 

Comments