
මංජුලා විජයරත්න
පා වන න්‍යෂ්ටික බලාගාර ඉදි කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට චීනය සැරසේ. වැඩපිළිවෙළෙන් ඉලක්ක කෙරෙන්නේ දැනට බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටින එරට දූපත්වලටත්, මුහුද ආශ්‍රයෙන් තෙල් කැණීම් කටයුතු කෙරෙන ස්ථානවලටත් අවශ්‍ය විදුලි බල පහසුකම් සලසා දීමයි. චීනයේ ජාතික ආරක්ෂාව සඳහා වූ විද්‍යා, තාක්ෂණ සහ කර්මාන්ත ආයතනයෙහි අධ්‍යක්ෂ වැංග් යිරෙන් ප්‍රකාශ කරන්නේ මේ වනවිට චීනයට අවශ්‍යව ඇති අමතර බලශක්ති ප්‍රමාණය ලබාගැනීමට මෙය කදිම විසඳුමක් වනු ඇති බවකි.
මුහුද ආශ්‍රිතව කෙරෙන තෙල් කැණීමක් කටයුතු සඳහා අවශ්‍ය විදුලි බලය ලබාගැනීමට චීනය මේ වන විට භාවිතයට ගන්නේ ඩීසල් විදුලි උත්පාදන යන්ත්‍රයි. එවැනි විදුලි උත්පාදන යන්ත්‍ර යොදාගන්නවාට වඩා පා වන න්‍යෂ්ටික බලාගාරවලින් විදුලි බලය ලබාගැනීම වාසිදායක බව චීන බලධාරීන්ට පෙනී ගොස් තිබේ. පා වන න්‍යෂ්ටික බලාගාර ඉදි කෙරෙන්නේ නැව් තුළය.
මෙගා වොට් 200හි ප්‍රතික්‍රියාකාරක මේ නැව්වල තනනු ලැබේ. බලාගාරයක් ඉදි කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 373කට අධික මුදලක් වැය වනු ඇත. පළමු වන පා වන බලාගාරය මේ වන විට චීනයේ ලියඔනිංග්හි ඉදි වෙමින් පවතින බවත් වාර්තා වේ.