බිඳුණු ජීවිත පණ ගන්වන පාස්කුව | Page 3 | සිළුමිණ

බිඳුණු ජීවිත පණ ගන්වන පාස්කුව

 අලුත් අවුරුදු මංගල්‍යයේත් පාස්කු මංගල්‍යයේත් අරමුණු වන්නේ මනුෂ්‍යයාට නැවුම් බවක් දීමය, නවතාවයකට පත් කිරීම ය, අන්ධකාරයේ සිට ආලෝකය කරා පිවිසීමය, බිඳුණු ජීවිත පණ ගන්වා ශක්තිමත් කිරීමය, පවුල් සබඳතා ගොඩනැගීමය, විසිරී සිටින අය එක්තැන් කිරීමය, එකමුතු කිරීමය, පරණ දේ ඉවත් කර අලුත් දෑ ලබා ගැනීමය, පරණ කෝන්තර අමතක කර අලුත් පිටුවක් පෙරළා ගැනීමය, පැරණි අවමගින් මිදී යහපත් මාර්ගයට පිවිසීමය, අදමිටු බවින් දමිටු බවට පිවිසීමය, පාපයට සහ වැරදිවලට සමාව දීමය, සමගි සන්ධාන වීමය, තම අසල්වැසියා වෙත සමීප වීමය, දෙවිඳුන් වෙත තව තවත් ළංවීමය.

සිංහල සහ හින්දු අවුරුදු සූර්ය මංගල්‍යය සහ පාස්කු උත්සවය තේමා කර ගනිමින් අකුරු කරන මෙම කෙටි සටහන මඟින් ලක්වැසි සැමට සංවේදී විය හැකි බව නොකිවමනායි. සිංහල - දෙමළ අලුත් අවුරුද්ද සැමටම පොදුවේ පැවැත්විය හැකි සංස්කෘතික සහ මානුෂික වටිනාකම් ඇති වාර්ෂික මංගල්‍යයක් වේ. අලුත්් අවුරුදු මංගල්‍යයේත් පාස්කු මංගල්‍යයේත් අරමුණු වන්නේ මනුෂ්‍යාට නැවුම් බවක් දීමය. නවතාවකට පත් කිරීම ය. අන්ධකාරයේ සිට ආලෝකය කරා පිවිසීමය, බිඳුණු ජීවිත පණ ගන්වා ශක්තිමත් කිරීමය, පවුල් සබඳතා ගොඩනැගීමය, විසිරී සිටින අය එක්තැන් කිරීමය, එකමුතු කිරීමය, පරණ දේ ඉවත් කර අළුත් දෑ ලබා ගැනීමය, පරණ කෝන්තර අමතක කර අලුත් පිටුවක් පෙරළා ගැනීමය, පැරණි අවමගින් මිදී යහපත් මාර්ගයට පිවිසීමය, අදමිටු බවින් දමිටු බවට පිවිසීමය, පාපයට සහ වැරදිවලට සමාව දීමය, සමගි සන්ධාන වීමය, තම අසල්වැසියා වෙත සමීප වීමය, දෙවිඳුන් වෙත තව තවත් ලංවීමයි.

එම සුවිශේෂි වටිනාකම් සියල්ලක්ම පාහේ අළුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර වල ගැබ් වී ඇති අතර, ක්‍රිස්තියානි ආධ්‍යාත්මික අභ්‍යාසයන්, දේව ප්‍රසාද නිධාන, යැදුම්, ගැයුම්, සංකේතයන් හා සම්ප්‍රදායන් තුළ ඒ සැම වටිනාකම් සහ ගුණාංගයන් අන්තර්ගත වී ඇත.

විශේෂයෙන් ම මනුෂ්‍යයා ක්‍රිස්තුන් වහන්සේ විසින් ගලවනු ලැබ පාපය නිසා අහිමි වූ වරප්‍රසාදීය ජීවිතය උරුම කර ගනිමින් දෙවිපියාණන් වහන්සේ තුළ ජීවත් වීම ආරම්භ කරයි.

ප්‍රේමයේ උණුසුම, ප්‍රඥාවේ ආලෝකය, මැවිල්ලේ ප්‍රාණය සහ පලදාව ඇති කරන “සූර්යයා” මුළු මනුෂ්‍ය වර්ගයාගේ ගැලවුම් කරුවාණන් වන ක්‍රිස්තුන් වහන්සේය. එසේම ක්‍රිස්තියානි, කතෝලික විශ්වාසිකයින්ට අති සුවිශේෂවූ හා ජනවන්දනාවේ ප්‍රධානතම මංගල්‍යය පාස්කු මංගල්‍යය වන්නේය. මනුෂ්‍යයාගේ ගැලවීම සඳහා කිසි පාප කිලුුටක් නැති දේව පුත්‍රවූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මාංශගත වූයේ මුළු මිනිස් වර්ගයා‍ෙග්ම පාපයන් තමන් පිට පවරාගෙන කුරුසිය මත තම ජීවිත පරිත්‍යාගයෙන් ගැලවීම ලබා දීම සඳහාය.

එම ගැලවීමේ උත්කෘෂ්ට කාර්යය සුභාරංචියේ කර්තෘ සතර දෙනම ජේසුන් වහන්සේගේ දුක්ප්‍රාප්තිය, ශ්‍රී මරණය හා මරණින් උත්ථාන වීම සවිස්තරව සඳහන් කර ඇති අතර, වසර 2700ට පමණ පෙර ශුද්ධවූ බයිබලයේ පැරණි ගිවිසුමේ සඳහන් අනාවැකි සියල්ල ඉෂ්ට කරමින් එම අවස්ථාවන් ඉතිහාසයේ ඒ ආකාරයෙන් ම සිදු විය.

දයාව හා සමාව මුල් කර ගෙන සිදු කළ කුරුසියේ ජීවිත පූජාව සාධාරණීය කළ හැකිවන්නේ ද අගය කළ හැකිවන්නේ ද පාපයේ ප්‍රතිඵලය වන මරණය පරාජය කර උත්ථා වීමෙන් පමණෙකි.

මරණයෙන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ගේ ජීවිතය අවසාන වූවා නම් අප වෙනුවෙන් පාපයේ ප්‍රතිඵලය විඳීම හැර පාපයෙන් ගලවා ගැනීමක් සිදු වන්නේ නැත. පාපයේ විෂ දළය වන මරණය ජයග්‍රහණය කර නපුරා පරාජය කළ යුතුව තිබුණි. එම නිසාම මරණින් උත්ථාන වීමෙන් මරණය පරාජය කළ යුතුව ඇත.

“ක්‍රිස්තුස් වහන්සේ උත්ථාන කරනු නොලැබූසේක් නම් අපගේ දේශනා කිරීම් නිරර්ථකය, ඔබගේ ඇදහීමත් නිරර්ථකය යැ”යි ද ඔබ තවමත් පාපයේ ඇලී සිටින්නහු යැ”යි ද ශු. පාවුළු තුමන් කොරින්තිවරුන්ට ලියන ලද 1 වන සංදේශයේ 15 වන පරිච්ඡේදයේ සඳහන් කරන්නේ ඒ හේතුව නිසා ය.

ඇත්ත වශයෙන් ම ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කළ කී සෑම දෙයකටම සදාකාලික හා අති උතුම් වූ වටිනාකමක් එකතු වූයේද ඔවුන්වහන්සේ ජීවමානව අද වැඩසිටින්නේ ද මරණය පරාජය කර උත්ථානවීමෙන් බව සක්සුදක්සේ පැහැදිලි වන්නාක් මෙන්ම තර්කානුකූලව හා ශාස්ත්‍රානුකූලව එය පිළිගත හැකි සත්‍යතාවයකි.

පාස්කු මංගල්‍යය වන්නේ මෙම සත්‍යතාවන් උත්සවාකා‍ර‍යෙන් පවත්වමින් අතිශය සතුටින් ඊට ජීවිත සාක්ෂි දැරීමකි. ඔබට ශුද්ධවූ සුභ පාස්කු මංගල්‍යයක් හා සුභ අලුත් අවුරුද්දක් වේවා!

 

Comments