
කල්පට ඇනීටා හමුවුණේ අහම්බෙනි. දුටු දා ම ඔහු ඇයට පෙම් බැන්දේය. ඒ හරිහැටියට ඈව හඳුනාගෙනවත් නොවේ. කොටින්ම ඇගේ ජාතිය, ආගම තබා ජීවන පැවත්ම ගැනවත් අවබෝධයක් ඇතිව නොවේ. ඔහුගේ වෑයමේ ප්‍රතිඵලයක් ලෙස ඇනීටා කල්පට තම කුළුදුල් ආදරය පුද කළාය. ඔහු යහපත් ගතිගුණ සහිත තරුණයෙකැයි ඇයට සිතුණ බැවිනි ඒ. මෙසේ තවත් ආදරවන්තයන් යුවළක් තමන්ගේ “ප්‍රථම ප්‍රේමය” සොඳුරු අන්දරයක් ලෙස ගෙත්තම් කරන්නට පටන් ගත්තේය.
දෙදෙනාට ම එකිනෙකා ගැන නිවැරිදි අවබෝධයක් ලැබෙන්නට වූයේ ආදරය දලු ලා වැඩෙද්දී ය. කෙසේවුව ද, අත්විඳින සියලු සිත් නෝක්කාඩුවීම් තුළ ජීවත් වෙමින් නොසැළී සැබෑ පෙම්වතුන් ලෙස කාලය ගෙවීමට තරම්අවැසි මානසිකත්වයක් ඔවුන් දෙදෙනාම සතු ව තිබුණේය. ඉතා සංවේදී තරුණයකු වූ කල්ප සැළකිය නොයුතු සිද්ධින්හි දී පවා සිත රිදවා ගන්නේ ය. නොඉවසිලිවන්තකමින් ක්ෂණයෙන් කිපෙන්නේ ය. ඔවුනට අදාළ නොවූ කරුණක් අරභයා සිත පාරා ගත්තේ වුව ද ඔහුගේ කේන්තිය පිටවන්නේ අහිංසක ඇනීටාගේ පිටිනි. ඈ සියලු සිත්වේදනාවන් සිනහවෙන් ඉවසන්නී ය. සමහර දිනක සිනාවෙන් වත සරසාගෙන සිටින ඇගේ දෙනයන කඳුළුවලින් පිරී යයි. කල්ප ඈ ගැන හොඳින් දනී.
පවුලේ කටයුතුත් රැකියාවේ වගකීමත් බරෑරුම් වෙද්දී ඔහු ටිකෙන් ටික ඇගෙන් දුරස් විය. එසේවීමට සැබෑ හේතුව දන්නේ කල්පගේ ම මනෝභාවය පමණි. එහෙත් ඇනීටා සිතූ ලෙස තෙවැන්නියකගේ ආගමනයක් ම ද? ආදරය පුදුම ආකාරයේ සම්බන්ධතාවකි. අන්‍යෝන්‍ය බැඳීම වැඩිවන තරමට ම සැකය ද වැඩිවේ. එකෙක් අනෙකා අත හැරීමට තිබෙන අකමැත්ත නිසා ය ඒ. සැබෑආදරය තුළ සැකය ගැබ් ව නැතැයි පොදුවේ ගෙන හුවා දැක්විය නොහැකි ය. ආදරය යනු සැකය නමැති ගිනි පුපුර වසාගෙන සිටින සිවියයි. එක අතකටඋනුන් ආදරයෙන් තව තවත් බැඳ තබන්නේ ද සැකය ම ය. එහෙත්පොඩි හිඩැසක් ඇතිවූ කළ වහවහා ආදරය දෙදෙරා යන්න තුඩුදෙන්නේ ද සැකය ම ය.
කල්පගේ මනෝවිප්ලවයට විෂයය වන්නේ ඇනීටා පමණක් ම නොවේ. තවත් බොහෝ අය සිටිති. එහෙත් ආදර අන්දරයට ඉන් එල්ලවූ පහර නිසා කාටත් මාතෘකාව වූයේ ඇනීටා ය. අම්මා මියැදෙමින් සිටින්නේ යැයි කල්ප සිතයි. එම සිතිවිල්ල ඔහුට ළඟාකර දෙන්නේ දැඩි කනස්සල්ලකි. අම්මා වෙනුවෙන් ඉටු කිරීමට තවත් බොහෝ යුතුකම් ශේෂ ව ඇතැයි ඔහුට සිතේ. සමාජයට වැඩදායි පුද්ගලයකු බවට තමා පත්කරලීමේ බර මුළුමනින් ම දැරුවේ අම්මා බව ඔහු සැමවිට ම සිහියට නංවා ගන්නේ කෘතවේදී ව ය. තාත්තා මියැදුණු දිනපටන් අම්මා විඳි දුක ඔහුට සිහිපත් වනවිට අම්මා හැර ඔහුගේලෝකය තවත් අයෙක් සිටිය හැකි නොවෙතැයි ඔහුට හැඟේ. ඇනීටා ඔහුගේ ලෝකයෙන් දුරස් කරලන්නේ ඔහුගේ මේ මානසිකත්වය ම ය.
කල්පගේත් ඇනීටාගේත් ප්‍රථම ප්‍රේමය අකාල ප්‍රේමයක් වූයේ කාගේ වරදින්ද? වැරදිකරුවෙක් නොසිටී නම් වැරදිකරුවා “කාලය”ද? අම්මා, නංගී, කාර්යාල වගකීම්, සහජ නිර්මාණශිලීත්වය. ආදරවන්තියගෙන් ඉටු නොවෙන දෑ ලබා දෙන සෙනහස... මේවා කාලයාගේ ම මායාවන්ද?
කල්පගේ සිතුවිලි විමසුමට බඳුන් කළ හැක්කේ ඔහුට ම පමණි. සමාජය මතු පිටින් දකින්නේ ඔහු කරන කියන දෑ ය. ඔහුද අනෙක් සෑම මිනිසෙකු මෙන් ම ආදරයට ආදරය කරන්නෙකු බවඅමතක කළ යුතු නොවේ. එහෙත් ඔහුගේ ආදරය සංකීර්ණ මනෝභාවයකි. ඔහු තරුණියකගේආදරය තුළ ද දුටුවේ මවකගේ සෙනෙහසමදැයි සිතා ගැනීමටඋගහටය.
ප්‍රථම ආදරය‘අකාල ප්‍රේමයක්’වන්නේ ආදරවන්තයින්ගේ වරදින් ම නොවේ. එහෙත් ඊටගොදුරුවනදු හුල්සිත්, විරහව හෙළන සෙවණැල්ල තුළින් ම ජීවිතයට ආලෝකය සොයති. එය ජීවිත වෙනස් කිරීමට තරම් දරුණු වරදක් බව ඔවුනට නොවැටහේ.
සුවිශේෂී නොවූ තවත් එවන් ආදරඅන්දරයක පෙම්වතුන්ගේ ජීවන සිතුවිලි විවරණය කරන මනෝ ගවේෂණයකි‘ආකල ප්‍රේම’. එහි යථාර්තය දැකීමට ඔබගේ ඇසින් නොව ඔවුනගේඇසින් ඒ ආදරය අත් විඳින්න.
‘ප්‍රථම ආදරය’ජීවිතයට දැනෙන්නේ එක්වරක් පමණි.