පොල් වගාවටත් වැවිලි සවිය | Page 13 | සිළුමිණ

පොල් වගාවටත් වැවිලි සවිය

වැවිලි සවිය ගමින් ගමට' වැඩසටහන නැඟෙනහිර ප්‍රදේශයේ සාර්ථකව පවත්වාගෙන යන අතර මේ යටතේ පොල් වගාව ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළක්ද මේ වන විට ක්‍රියාත්මක කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා කටයුතු යොදා තිබේ.

මෙහිදී පොල් වගාවට සුදුසු ඉඩම් මේ වන විටත් සොයාගෙන ඇති අතර, ඊට අවශ්‍ය පොල් පැළ නිෂ්පාදනයද මේ වන විටත් ආාරම්භ කර තිබේ. ඒ සඳහා අවශ්‍ය පොල් පැළ නිෂ්පාදනය සඳහා සේරුවිල ප්‍රදේශයේ අක්කර 25ක භූමිභාගයක් පැළ තවානක් ලෙස තෝරාගෙන ඇත.

මෙවැනි පොල් පැළ තවාන් ඉදිරියේදීත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව පැවැසූ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා රටට අවශ්‍ය පොල් නිෂ්පාදන ඉක්මනින් සපුරා ලීමට බලාපොරොත්තු වන බවද පැවසීය. මේ අනුව පොල් වගාවට සුදුසු බිම් හඳුනාගැනීම තවදුරටත් සිදු වන බවද අමාත්‍ය වරයා කීය. මේ සඳහා නැඟෙනහිර ප්‍රදේශයේ පොල් වගාකරුවන් දිරිමත් කිරීම සඳහා කප්රුක ණය ප්‍රදානය සහ පොල් වගා සහනාධාර ලබාදීමේ ව්‍යාප්තියද පසුගියදා සේරුවිල රජමහා විහාරයේදී සිදු කෙරිණි. 

Comments