
ගොඩක් සතුටුයි. විජයබා ධාවන පථයේම මට මේ ජයග්‍රහණය ලැබීමට හැකිවීම ගැන. ත්‍රාසය සපිරි උද්වේගකර සහ තරගකාරීත්වයෙන් අඩු නොවූ පහළොස්වැනි විජයබාහු මොටොක්‍රොස් තරගාවලියේ විශිෂ්ටතම ධාවකයා ලෙස රෙජිමේන්තු අධිපති කුසලානය දිනා ගත් සමීර ප්‍රේමරත්න පවසයි.
දිගම පිම්මටද හිමිකම් කියූ සමීර තමන් ඉදිරිපත් වූ තරග ඉසව් පහෙන් දෙකක ශූරයා සහ ඉතිරි තරග තුනේ අනුශූරයාවීමට ද සමත් වූයේය.
සමීර ජයගත් තරග දෙකේම ප්‍රතිවාදියා වූයේ ඉෂාන් දසනායකයි. ඉෂාන් අවසන් තරගයේදී ආබාධයකට ලක්ව තරගයෙන් ඉවත්වූ අතර ඊට පෙර තරගයේදී සමීර අතින් පරාජය විය. ඉෂාන් තරග ඉසව් හතරකට ඉදිරිපත් වූ අතර ඉන් දෙකක් ජය ගැනීමට සමත් විය.
නැඟී එන ක්‍රීඩකයාට හිමි සම්මානය විනුෂ්ක සිල්වාට හිමි වූ අතර, යුද හමුදාපති කුසලානය නිහාල් විජේරත්නට හිමි වූයේය. තරග ඉසව් 14 ක් මෙවර තරගාවලියට ඇතුළත් විය.










