
අන්තර් පාසල් රග්බි තරගාවලියේ රාජකීය කණ්ඩායම ඔවුන්ගේ සත්කාරක පිටියේදීම පරාජය කිරීමට ඉසිපතන කණ්ඩායම සමත් විය.
ප්‍රථම භාගයේ 14 - 5 ක් ලෙස පෙරමුණ ගැනීමට රාජකීය කණ්ඩායම සමත් වුවද, සම්පූර්ණ කාලය නිමා වන විට 22 - 17 ක් ලෙස පෙරමුණ ගැනීමට ඉසිපතන කණ්ඩායම සමත් විය. මේ රාජකීයයන් මෙවර ලද ප්‍රථම පරාජයයි.
ත්‍රිත්ව සහ වේල්ස් කුමර විද්‍යාලය අතර පැවැති තරගයෙන් 94 - 9 ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් විය.

මේ අතර තියුණු සටනකින් පසුව වෙස්ලි 32 - 29 කින් සහිරා කණ්ඩායම පරාජය කළේය.
ගල්කිස්ස ශාන්ත තෝමස් සහ විද්‍යා විද්‍යාලය අතර තරගයෙන් 20 - 12 ක ජයක් ශාන්ත තෝමස් විද්‍යාලයට හිමිවිය.
ධර්මරාජ කණ්ඩායම 45 - 12 ක් ලෙස ඩී. එස්. සේනානායක ද, ශාන්ත ජෝශප් කණ්ඩායම 24 - 11 ක් ලෙස කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය ද පරාජය කළේය.










