බැඩ්මින්ටන් කිරුළ සින්දුට | Page 2 | සිළුමිණ

බැඩ්මින්ටන් කිරුළ සින්දුට

ඉන්දීය විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ මෙවර කාන්තා කේවල ශූරතාවය හිමිකර ගැනීමට ඉන්දියාවේම පී. වී. සින්දු සමත් වූවාය. ඒ අවසන් තරගයේදී ස්පාඤ්ඤයේ කැරොලිනා මාරින් හමුවේය. සින්දු තරග වට 2 - 0 ක ජයක් ලැබුවාය. ඒ ලකුණු 21 - 19, 21 - 16 ක් වශයෙනි.

2008 වසරේදී ඇරැඹි මෙම තරගාවලියේ කාන්තා කේවල ශූරතාව හිමිකර ගත් දෙවැනි ඉන්දීය ක්‍රීඩිකාව සින්දු වේ. ඊට පෙර සෙයිනා නෙහ්වාල් 2010 සහ 2015 වසරවලදී මෙම ශූරතා හිමිකර ගෙන සිටියාය.

ලෝක බැඩ්මින්ටන් සම්මේලනය විසින් 2017 වසරේදී පවත්වනු ලබන සුපිරි ශූරතාවලියට අයත් දෙවන තරගාවලියත් මෙය වේ. 21 හැවිරිදි සින්දු 2016 රියෝ ඔලිම්පික් රිදී පදක්කමත් 2013 සහ 2014 වසරවලදී ලෝක ශූරතාවලි ද්විත්ව ලෝකඩ පදක්කම්ලාභිනියද වේ.

23 හැවිරිදි මාරින් 2016 ඔලිම්පික් සහ 2014 - 15 ද්විත්ව ලෝක ශූරියත් වේ. එහිදී 2016 ඔලිම්පික් ජයග්‍රහණය ඇය අත්කර ගත්තේ සින්දු හමුවේය.

Comments