පරාජය හොඳ පාඩමක් -මැතිව්ස් | Page 2 | සිළුමිණ

පරාජය හොඳ පාඩමක් -මැතිව්ස්

බංග්ලාදේශය සමඟ පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලි 1 - 1 ක් ලෙස අවසන් වීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියට ගෙන යාමේදී පාඩමක් කරගන්නා බව ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

මැතිව්ස් මේ බව ප්‍රකාශ කළේ ජූනි මාසයේ එංගලන්තයේ පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලානය එළිදැක්වීමෙන් පසුවය. බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගයක් පරාජය වීම ක්‍රීඩකයන්ගේ සහ ක්‍රීඩා ලෝලයන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී තිබේ.

පරාජය වූ අවස්ථාවන්හි කනස්සල්ල පළ කිරිම පමණක් සෑහෙන්නේ නැත.

මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය මුහුණ දෙමින් සිටින බරපතළ අර්බූදයක් බව හිටපු අතුරු පාලන කමිටු සභාපති සිදත් වෙත්තමුණි පවසයි. ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා පළමුපෙළ ක්‍රිකට් සංයුතිය සම්පූර්ණයෙන් ප්‍රතිසංවිධාන කළ යුතු බවද හෙතෙම පවසයි.

Comments