
සැමදා නියං එක දා වැහි වලාවේ කිව්වා වගේ පහුගිය මාස කිහිපයේම පායපු පෑවිල්ලට සමච්චල් කරමින් වගේ මේ දවස්වල හවස් වරුවේ අකුණු ගගහා වහිනවා.
ජෙරියයි... ටොමයි අයිනක් අල්ලගෙන වැස්ස දිහා බලාගෙන බර කතාවක්.
අපි දෙන්නා ඔයා එනකම් තමයි බලාගෙන හිටියේ. මමත් වැස්සේ තෙමීගෙනම ගෙට ගොඩවුණා.
ඩබලට කුඩයක්වත් අරගෙන පාරට එන්න බෑ නේද?
මම ටොමාට කිව්වම, එයා කිව්වේ ත්‍රීවිල් එකක්වත් අරගෙන එයි කියලා. මේ ඒක නෙවෙයි අර මොකක්ද ක්‍රීඩාව, දුන්නෙන් ඊතලයට විදින ක්‍රීඩාව... නෑ... නෑ. ඊතලයෙන් දුන්නට විදින ක්‍රීඩාව.
එහෙම ක්‍රීඩාවක් නෑ ජෙරියෝ, විද්දේ පඳුරට වැදුණේ හාවාට... නෑ... නෑ... සොරි සොරි වැදුණේ හාවාට විද්දේ පඳුරට.
තොපි දෙන්නට පිස්සුද? එහෙම ක්‍රීඩා නෑ. දුනු විදීමේ ක්‍රීඩාව කියලා එකක් නම් තියෙනවා. මේක ඔලිම්පික් උළළෙත් තිබෙන ප්‍රධාන තරගයක්.
මේ ඇත්තටම මේකට අපේ රටෙන් යන්නේ වන්නිලා ඇත්තෝ පරම්පරාවේ අයද?
ජෙරියයි... ටොමයි දෙන්නම එක පාරම ඇහුවා.
අනේ නෑ, ඒ ඇත්තලාට නිගා දෙන්න එපා, මේ ක්‍රීඩාව අපේ රටේ කරන්නේ සුපිරි කට්ටිය. පොඩ්ඩක් ඔය ග්‍රවුන්ඩ් පැත්තේ රවුම් ගහනකොට සුගතදාස ස්ටේඩියම් එක පැත්තේ ගියා නම් හරියටම බලා ගන්න පුළුවන්.
මේ ඔය දුන්නෙන් ක්‍රීඩාවෙන් විද්දොත් ඇත්තටම වදින්නේ කාටද?
ඉස්සෙස්ලාම ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ට, ඊළඟට රටට...
ඒකනේ මම කිව්වේ, ජෙරියා ඔය කතාව පිළි ගන්නේම නෑනේ.
මොන කතාවද?
පහුගිය දවස්වල ඒෂියන් ගේම්ස්වලට යන්න හිටපු ශ්‍රී ලංකා ටීම් එකට ඉලක්කයක් නැති අය ඉස්සෙල්ලාම විද්දා. ඒකෙන් මොකද වුණේ?
දක්ෂයෝ ටික ගෙදර තියලා ගිහින් ඉල්ලන් කාගෙන ආවා.
ටොමා දැන් පීල්ල පනින්න හදන්න එපා. මම කලින්ම කිව්වනේ ඔය ඒෂියන් ගේම්ස්වලට අපේ ටීම් එක තෝර ගනිද්දි, ටීම් එකටත් විදලා කියලා. රිකර්ව් ඉසව්වේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් හිටපු ලක්මාල්වයි - අනුරාධවයි, කම්පවුන්ඩ් ඉසව්වේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් හිටපු ඉන්ද්‍රජිත්වයි මෙහේ තියලා ගිහින් අන්තිමට මොකද වුණේ?
ඒක තමයි ජෙරියෝ මාත් මේ කියන්න ගියේ, දක්ෂයන්ට කට්ටිය එකතුවෙලා විදලා අන්තිමේට යවපු කට්ටයටයි මේ අයව තෝරපු අයටයි ඇපත් නෑ කියලා තමයි ආරංචි.
ඒක ඇත්ත ටොමෝ. මේවා ගැන හොයලා බලන්නවත් කෙනෙක් නැති එකනේ අපේ රටේ ක්‍රීඩාවේ කරුමේ කියන්නේ.
ඔය ගැන පැමිණිල්ලකුත් ඉදිරිපත් වුණා නේද ටොමා.
ඔව්. ඉතින් කාටද කියන්නේ? කාගෙන්ද හරි උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ. අන්තිමට ගිය අය හාෆ්සෙන්චරි ගහලා ආවා කියලා නම් ආරංචියි.
හාෆ් සෙන්චරි?
ඔව්. ඔක්කෝම පනස් ගණන්වලටත් එහා ස්ථාන තමයි අරගෙන තියෙන්නේ.
හැබැයි ඉතින් මේ ගිය ක්‍රීඩකයන් දෙන්නටයි - ක්‍රීඩිකාවටයි නම් මොකුත් කියන්න බෑ. ඒ අයව තෝර ගත්තා කිව්ව ඒ අය ගියා.
මේ ඔයාට බැරිද මේකේ ඊළඟ නිලවරණයට වන්නිලා ඇත්තන්ට ඉල්ලන්න කියන්න. මොකද ඒගොල්ලෝ හොඳට දන්න සාස්තරයක්නේ මේක.
අනේ මම නම් හිතන්නේ මේ අමුතුඇටේ වැඩවලට වන්නිලා ඇත්තෝ ඇඟිලි ගහන්නවත් කැමැතිවෙයි කියලා.
එහෙනම් ඉතින් ඒකටත් අබ සරණයි.
ටොමාටයි - ජෙරියටයි එකපාරම කියවුණා.