ඇන්ජලික් 1 | සිළුමිණ

ඇන්ජලික් 1

ජර්මනියේ ඇන්ජලික් කර්බර් නවතම කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල අංක එකට පැමිණ තිබේ.

විසිනවවන වියේ පසුවන කර්බර් මීට පෙර ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීය.
පසුගිය වසරේ ඔස්ට්‍රේලියානු විවෘත තරගාවලිය සෙරීනා විලියම්ස් පරාජය කරමින් ඇන්ජලික් ජය ගත් අතර, විම්බල්ඩන් අවසන් තරගයේදී ඈ වෙතින් පරාජය වූවාය.

ඊට අමතරව ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලිය ජය ගැනීමටද ඇන්ජලික් සමත් වූවාය. ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයේ සෙරීනා පසුවෙයි.

 

Comments