
බන්දුල ජයමාන්න
පත්තර මහ ගෙදර 'ක්‍රීඩා ආරාධිත ප්‍රදර්ශණාත්මක වොලිබෝල්් තරගය' 16 දා දකුණු පළාත් ජාතික අවුරුදු ක්‍රීඩා උළෙල හා සම්බන්ධව නියාගම දි පැවැත්වේ.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම අවුරුදු උළෙලේදී ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ ශූරයන් වූ කටාන ඒකාබද්ධ කණ්ඩායම ජනිත සුරත්ගේ නායකත්වය යටතේ පිටියට පිවිසෙන අතර, අනුශූරයන් වූ දෙබෑගම රන්තරු කණ්ඩායම ගයාන් මදුසංඛගේ නායකත්වය යටතේ පිටියට පිවිසෙයි.
මෙම ජාතික අවුරුදු ක්‍රීඩා උළෙල ස්වාධීන රූපවාහිනී සේවයෙන් සජීවීව විකාශය වීමට නියමිතය.

හොඳ සටනක් දෙනවා
ගයාන් මදුෂංඛ
දෙබෑගම රන්තරු
ජනාධිපති රන් කුසලාන අවසන් තරගයේදී අපි පරාජය වුණේ අපේ සුපුරුදු ප්‍රතිවාදීන් වූ කටානට. රන්තරු ක්‍රීඩා සමාජයේ ජාතික මට්ටමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් එක්ක තරග කරන්නේ.අපේ කණ්ඩායමේ වැඩි පිරිසක් නියෝජනය කරනනේ ජාතික කණිෂ්ඨ කණ්ඩායම.
මේ වගේ තරග සංවිධානය කිරීම වොලිබෝල් ක්‍රීඩාවට ලොකු හයියක්. අනාගතයේ ක්‍රීඩාවට එන්න හිතාගෙන ඉන්න ක්‍රීඩකයන්ට පවා ලොකු දිරිදීමක් වෙනවා. ඇත්තට මේ වගේ අවස්ථා රට පුරාම පැවැත්වීම ජාතික ක්‍රීඩාවට මහගු සේවයක් වෙනවා.
මේ තරගයේදි ප්‍රතිවාදීන්ට හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා.
හොඳ සූදානමකින් එන්නේ
ජනිත් සුරත්
කටාන ඒකාබද්ධ

මේවගේ ප්‍රදර්ශනාත්මක වොලිබෝල තරගයක් සංවිධාන කිරීම වොලිබෝල ක්‍රීඩාවේ උන්නතියට ලොකු ශක්තියක්. අපි දැනට අවසාන වශයෙන් ක්‍රීඩා කළේ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියටයි.
ඒ තරගාවලියේ අපේ සුපුරුදු ප්‍රතිවාදින් වූ රන්තරු පරාජය කළා.
කටාන ඒකාබද්ධ කණ්ඩායම ශී‍්‍රි ලංකා ජාතික සංචිතයේ වැඩි ප්‍රමාණයක් නියෝජනය කරනවා.
පළපුරුදු ක්‍රීඩකයන් වගේම නැඟී එන ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක්.
මේ ආරාධිත තරගයේදීත් ප්‍රතිවාදීන්ට හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ තරගයේ දීප්ති රොමේෂ්, කසුන් අමරවීර, වගේ ක්‍රීඩකයන් ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන තමයි අපි තරග කරන්නේ.
ජාත්‍යන්තර තරග අත්දැකීම් තියෙන ක්‍රීඩකයෝ රැසක් මේ තරගයට එකතු වෙනවා.










