
සිත්තරා දෙස බලන්න,
ඔහු ම සිත්තම අඳින්නේ,
නිශ්ශබ්දතාවේ ගිලී සිට.
කවියා, දෙස බලන්න,
ඔහු තම කරදාසිය මත පන්හිඳ යවන්නේ,
නිශ්ශබ්දතාවේ ගිලී සිට.
ඔවුන් දෙදෙනා නියැළී සිටින්නේ,
භාවනාවෙක නොවේ ද?
දෙවර්ගයක ක්රියාදාමයන් වුවද,
අවසන් ඵලය නිමැවුමකි.
සිත්තරා හා කවියා
පරපුරින් පරපුරට පැවත එන අය වුවද,
ඔවුන්ගේ චර්යාව දැන් වෙනස්වී ඇත්ද?
මගේ ඇස් පනා පිට සිටින
සිත්තරා හා කවියා,
සුවිශේෂ වූවන් ලෙසින් හෝ
සුවිශේෂ නිමැවුම්කරුවන් ලෙසින් හෝ
මා හඳුනාගත යුතුය.
බාහිර ලෝකයේ හැලහැප්පුම්
පැමිණියද නෙක් පොර බැදුම්,
ඔවුන්ගේ නිමැවුම්
සිදු කැරෙන්නේ නිශ්ශබ්දතාවේ
ප්රබලවූත්, සියුම්වූත්,
සෙවිල්ලක් ඇත්තේ ය.
අමුතු වාද විවාද ඇවැසි නොවේ.
නිර්මාණයේ පරිසමාප්තිය,
ගෙන දෙන්නේ සුවයක් නොවන්නේ ද?
ඒ සුවයේ ස්වභාවය හඳුනන්නේ
නිර්මාණකරුවෝය.
කාලයක් වැයවේ
නිර්මාණයක් නිමවේ
ගතවන කාලය
නිර්මාණයක මිමි නොවේ
කාලය ගත වීම
වැළැක්විය හැකි නොවේ.
කාලය හා සමඟ
පොර බදින්නට වේද?
කාලය පැන ගිහින්
නිමැවුම ඉතිරි කොට
මගේ නිර්මාණය, මීටත් වඩා පිරිපුන්
බවට පත් කළ හැකිවෙද?
කල්පනා ලොවට පිවිසෙන
නිර්මාණකරුවාට දැනෙන්නේ සුවයකි.
ඒ සුවය දැහැන් සුවයට
සම කළ නොහැක්කේ ද?
ඒ සුවය වදනින්
කිව හැකිවේද කෙලෙසින්
ඒ සුවය අනිර්වචනීයය
ඒ සුවය අතක්කාවචරය.