විජයබාහු මොටෝක්‍රොස් අද බෝයගනේදී | සිළුමිණ

විජයබාහු මොටෝක්‍රොස් අද බෝයගනේදී

ශ්‍රී ලංකා යුද හමුදා විජයබාහු පාබල රෙජිමේන්තුව සංවිධානය කරන ‘විජයබාහු මොටෝක්‍රොස්’ යතුරු පැදි ධාවන තරගාවලිය අද කුරුණෑගල බෝයගනේ ධාවන පථයේදී පැවැත්වේ.

මෙම තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 15 වැනි වතාවටයි.
ශ්‍රී ලංකා යතුරුපැදි ධාවකයන්ගේ සංගමයේ මූලිකත්වයෙන් පැවැත්වෙන මෙම යතුරුපැදි ධාවන තරගාවලියට දෙස් විදෙස් ක්‍රීඩකයන් 80 කට වැඩි පිරිසක් සහභාගි වෙති.
මෙවර පැවැත්වෙන සමස්ත තරග ඉසව් ගණන 15 කි.

එහිදී විශිෂ්ටතම ධාවන ශූරයාට සහ සෙසු ස්ථාන සඳහාද මුදල් ත්‍යාග පිරිනමන බව සංවිධායකයෝ පවසති.

Comments