
ලාංකේය කාන්තා රග්බි ඉතිහාසයේ ඓතිහාසික ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ මලයාසියාවේ පැවැති බෝර්නියෝ සත් සාමාජික කිරුළ දිනා ගනිමින්ය.
රන්දිකා කුමුදුමලීගේ නායකත්වය යටතේ තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයේදී තායිලන්තය 12 - 05 ක් ලෙස පරාජය කළේය. අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකාව සත්කාරක මලයාසියාව පරාජය කළේය. මේ තරගාවලියට එක්වූ පිරිමි කණ්ඩායමට පළඟ අනුශූරතාව හිමිවිය.