කළුතර එක්දින සටන අද | සිළුමිණ

කළුතර එක්දින සටන අද

රංජිත් අසංක

ළුතර දිස්ත්‍රික්කයේ ජනප්‍රියතම පාසල් දෙකක් වන කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය සහ කළුතර විද්‍යාලය අතර වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය අද (26) පැවැත්වේ. මෙම තරගය මෙවර පැවැත්වෙන්නේ නව වැනි වරටයි.
මෙතෙක් පැවැති එක්දින තරග 08 න් 06 ක්ම ජයගැනීමට සමත් වූයේ තිස්ස මධ්‍ය මහා විද්‍යාලයයි.

ඒ අතරින් 2014, 15 සහ 2016 වසරවලදී පිට පිට ලැබූ ජයග්‍රහණද කැපී පෙනෙයි.
දෙවිදුහල් අතර 59 වැනි මහා තරගය 24 - 25 දෙදින පැවැත්වීමට නියමිතව තිබුණි. 'මැංගුස් හටන' නමින් ප්‍රකට මෙම මහා තරගය පළමුවරට පැවැත්වූයේ 1949 වසරේදීය. මෙවර තිස්ස විද්‍යාලය දුලාන් අශින්ත සහ කළුතර විද්‍යාලය යසිත උමයංග විසින් ද නායකත්වය දරති.

 

Comments