
මාතර ශාන්ත තෝමස් කුමර විදුහල සහ ශාන්ත සර්වේසස් විදුහල අතර 117 වැනි වරටත් පවත්වනු ලබන රුහුණු මහා නිල් හටන 24 - 25 - 26 තෙදින පුරා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවැත්වේ.
දිවයිනේ පැවැත්වෙන පැරැණිතම පාසල් මහා ක්‍රිකට් තරග අතරින් දෙවැනි ස්ථානය හිමිකර ගන්නා මෙම මහා ක්‍රිකට් තරගය දින තුනක් පුරා පැවැත්වෙන මහා ක්‍රිකට් තරගවලින් එකක්ද වෙයි.
රුහුණු මහා නිල් හටනේ ශාන්ත තෝමස් විදුහල තරග 32 ක්ද, ශාන්ත සර්වේසස් තරග 28 ක්ද ජය ගෙන තිබෙන අතර සෙසු තරග ජය පරාජයෙන් තොරව අවසන්ව තිබේ.
ශාන්ත තෝමස් විද්‍යාලය 2007 දී සහ ශාන්ත සර්වේසස් 1971 දී අවසන් වරට මහා තරග ජය ගෙන තිබේ. මෙවර ශාන්ත තෝමස් විදුහල නිපුන් අකලංක සහ ශාන්ත සර්වේසස් විදුහල ඉසුරු උදයංග යටතේ තරග බිමට පිවිසෙති.