

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර හතර වැනි වරට පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය "නීලහරිත මහා සංග්‍රාමය" මෙම මස 20 හා 21 දෙදින තුළ කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ගම්පහ බණ්ඩාරනායක විදුහල් පිලේ නායක ලෙස සසිරි අධිකාරි කටයුතු කරන අතර තනුක දාබරේ ලුම්බිණි විද්‍යාල කණ්ඩායමට නායකත්වය ලබා දෙයි.
"නීලහරිත මහා සංග්‍රාමය" තුළ තරග වාර දෙකක් පවත්වා ඇති අතර එයින් එක් වරක් කොළඹ ලුම්බිණි විද්‍යාලය ජය හිමි කරගත් අතර පසුගිය වසරේ පැවති දෙදින මහා ක්‍රිකට් තරඟය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.
ශාන් රඹුක්වැල්ල










