
මුහුදක හෝ ජලාශයක ජල මට්ටම උඩට නැඟෙමින් බසිමින් මතුපිටට ගලා යමින් බිඳෙන ජලකඳ තරංගයි.
ආරම්භක පිතිකරුවෙකු ලෙස නැවත කණ්ඩායමට එක්වීමට හැකිවීම සතුටක් බව උපුල් තරංග ශ්‍රී ලංකා බංග්ලාදේශ ප්‍රථම ටෙස්ට් තරගයට පෙර පැවැසුවේය. නමුත් එකී තරගයේ මුල් ඉනිමේදී පන්දු 14 කදී ලකුණු හතරක් පමණක් ලබාදී තරංගගේ ඉනිම නිමා කරන්නට බංග්ලාදේශය වගබලා ගත්තේය.
පසුගිය කාලය පුරාම තරංගට කණ්ඩායමේ ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමට නොහැකි විය. ස්ථාවර ටෙස්ට් ඉනිමක් ගොඩනඟා ගැනීමට නොහැකිවීම තරංග පසුගිය කාලය පුරාම මුහුණ දුන් කටුක අත්දැකීමකි.
දිගටම ලකුණු අතරට එන්න බලනවා. ලකුණු 30 - 40 ක් ලබා ගන්නවාට වඩා ඒ ඉනිම් දිගු කරන්න උත්සාහ කරනවා.
ටෙස්ට් තරග 26 කට ක්‍රීඩා කර ඇති තරංග 2006 බංග්ලාදේශයට එරෙහිව ශතකයක් රැස් කිරීමෙන් අනතුරුව ශතකයක් රැස් කළේ ඉන් දශකයකට පසු 2016 දී සිම්බාබ්වේට එරෙහිවය. එක්දින ශතක 14 ක් සහ අර්ධ ශතක 30 ක් රැස්කර ඇති තරංග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශය හමුවේ කඩුල්ල අහිමි කරගෙන මහත් චිත්ත පීඩාවට පත්වූ අයුරු.