
බිග් මැච්වලට ගිහින් මොන කට්ට කෑවත් ටොමයි - ජෙරියයි මාධ්‍ය සාකච්ඡා කිසිම එකක් ලෙහෙසියෙන් අත හරින්නේ නෑ.
අත්‍යාවශ්‍ය වැඩවලට සල්ලි කොච්චර වියදම් කළත්, නාස්තිය කපා හැරපු නිසා ගිය අවුරුද්දේ රුපියල් මිලියන 200 කට වඩා ඉතුරු කරගන්න පුළුවන් වුණා කියලා අපේ ඉඹ්ඛ් සභාපති තුමා කියන කොට, නාස්තිකාර පාලකයෝ මේක කොච්චර උලා ගෙන කාලා තියෙනවද කියලා හිතෙනවා මචං.
ඒක තමයි මාත් කල්පනා කළේ මැනේජර්ස්ලා තුන් දෙනෙක් නඩත්තු කරන ගමන් එතරම් මුදල් කන්දරාවක් ඉතුරු කර ගන්න පුළුවන් වෙච්ච එකට අපි කොහොම ස්තුති කරන්නද මන්දා.
ඒක තමයි ජෙරියෝ මාත් මේ කල්පනා කළේ. දැන් බලපන් අන්තිමේට ටීම් මැනේජර් විදියට ගෙනාව ගුරාට, ඉඹ්ඛ් වන ඉහළ කාර්යසාධන, බුද්ධි කේන්ද්‍රය සහ තාක්ෂණ කටයුතු සම්බන්ධීකාරක ඔක්කෝම පවරලා. මේ මොන දේ කළත් වැඩක් නෑ ටොමෝ, අපේ ක්‍රිකට් හරියට දුවන්නේ නැත්නම්, මම නම් කියන්නේ වැඩ්ඩන් ඉස්සරහට ගේන වැඩසටහනක්, තවත් කාව හරි ලක්ෂ පහක දහයක පඩියකට ගෙනල්ලා හරි කරන්න ඕනා.
එංගලන්ත සිංහයෝ මෙහේ සිංහයෝ එක්ක තරගාවලියකට ආවම අපේ ටීම් එක තෝර ගන්න බැරිව මොන තරම් අපේ අය චාටර් වුණාද? එහෙම චාටර් වෙලා හරි සුදුසු අයව තෝරගන්න බැරි වුණා කියලා හැම තැනම කතාවෙනවා උඹට ඇහුණාද?
ඔව්, ජෙරියෝ, අන්තිම වන්ඩේ දෙකට නම් කළ ඉඹ් 'ඒ' ට පිට දඟ පන්දු යවන්නන් අතර අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ හතරවැනියාට විකට් ගත්ත අලංකාර අසංක ලස්සනට කැපිලා ගිහින් විකට් විසි ගණනක් අරගෙන බෝලස්ලා අතර පහළොස්වැනියා වෙච්ච කෙනෙක් හතරවැනි ලයන්ස්ලා තරගයකට ක්‍රීඩා කරලා බං.
අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ගත්ත සදීර සමරවික්‍රම මැච් 10 ලකුණු 1016 ක් ගහලා තියෙනවා. දෙවැනියා ගහලා තිබුණේ ලකුණු 926 යි. ඇන්ජලෝ පෙරේරා 908 යි. ෂෙහාන් ජයසිංහ 853 යි. ලයන්ස්ලා අතර තිබ්බ නොනිල ටෙස්ට් තරගවලදී සදීර එක තරගයක ලකුණු 193 ක් රැස් කරලා. අර දෙවැනියා මැච් දෙකක් ඉනිම් හතරටම ගහලා තිබුණේ ලකුණු 223 යි. හැබැයි එයා ගාල්ලේ මැච් එක ගහනකොට සදීර වේලෙනවා. ලංකාවේ ක්‍රිකට් යන්නේ ඔන්න ඔය විදියටනේ බං. ඉතින් කොහොමද දියුණු වෙන්නේ.
ඒක තමයි ටොමා, දැන් බලපන් අන්තර් සමාජ තරගාවලියේ බී කාණ්ඩයේ වැඩිම විකට් ගත්ත ගයාන්, චානක - චාමික එළියේ ඉන්නකොට, තරග 11 ක විකට් 13 ක් ගත්ත අර පසුගිය දවස්වල තරග පාවාදීම් කළා කියලා ලොකු කතාබහක් ඇති වෙච්ච වාදයක් ගැන ප්‍රසිද්ධ පැත්තේ ටීම් එකේ බෝලර් අහසින් ඒ ටීම් එකට රිංගලා.
හැබැයි ඉතින් අරා නම් කියලා තිබුණේ අපි කාගෙන හරි වැඩ කරමු කියලයි.
හැබැයි මචං,
කාගෙන වැඩ කරන්නේ ඇයි?
වැඩ කළා කියලා ඇති වැඩේ මොකක්ද?
වැඩ නොකලා කියලා පාඩුවක් වෙයිද? කියලා ක්‍රීඩකයෝ හිතපු දාට ඔය කාටත් හොම්බෙන් තමයි යන්න වෙන්නේ.