පුංචි ඡන්දයෙන් මන්ත්‍රීවරියෝ 2206ක් | Page 3 | සිළුමිණ

පුංචි ඡන්දයෙන් මන්ත්‍රීවරියෝ 2206ක්

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී අනිවාර්යයෙන්ම මන්ත්‍රීවරියන් 2206ක් පත්වන බව පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය පවසයි.

2016 අංක 1 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත අනුව සෑම පළාත් පාලන ආයතනයකටම මන්ත්‍රී තනතුරු ලබාදීමේදී කාන්තාවන්ට සියයට 25ක නියෝජනයක් ලබාදිය යුතුව ඇති බව එම ආයතනයේ ඉහළ නිලධාරිනියක් පැවැසුවාය.

ඒ අනුව මෙරට ඇති පළාත් පාලන ආයතන 336 සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කරන සියලු පක්ෂ තම මන්ත්‍රී අපේක්ෂක ලැයිස්තුවෙන් සියයට 25ක් කාන්තාවන් ඉදිරිපත් කළ යුතුව ඇත. එසේ නොවුණහොත් එම අපේක්ෂක ලැයිස්තුව ප්‍රතික්ෂේප වනු ඇත.

මෙය මෙරට කාන්තා පරපුර කාන්තා දිනය සමරන අවස්ථාවේ ලබන ජයග්‍රහණයක් ලෙස සැලකිය යුතු බව පළාත් පාලනය පිළිබඳ ජාතික ආයතනය පවසයි. 

Comments