ගංජා මුල් තැන කොළඹට | Page 2 | සිළුමිණ

ගංජා මුල් තැන කොළඹට

ගංජා ළග තබා ගැනීම හා ඒ සම්බන්ධ වැරැදි උදෙසා අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් අතුරින් 50%ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන බව අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලය පෙන්වා දෙයි. 2015 වසරේ අත් අඩංගුවට ගන්නා ලද 52076ක් වන පිරිස අතුරින් 36%ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වීම මෙහිලා කැපී පෙනන සිදුවීමක්ව තිබේ.‍ 11%ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද 3%ක් කළුතර දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වී තිබේ. මාතර දිස්ත්‍රික්කයෙන් 6%ක් වාර්තා වී ඇත.

2014 වසරට වඩා 2015 වසරේ අත් අඩංගුවට ගන්නා ලද පිරිස 14%කින් වැඩි වී තිබෙන නමුත් අධිකරණ කටයුතු මගින් බන්ධනාගාර ගත වූ සංඛ්‍යාව 7%කින් අඩු වී තිබෙන බවද අදළා වාර්තාවෙන් හෙළිව තිබේ. එසේම මත් ‍රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීමේදී 10%ක අඩුවක් දක්නට ලැබෙන බවත් හෙළි ව තිබේ.

2015 වසරේදී මත් ද්‍රව්‍ය වැරැදි සම්බන්ධයෙන් 24086 දෙනකු වැරැදිකරුවන් වී ඇති අතර හෙරොයින් වැරැදි සඳහා 7519ක් සහ ගංජා වැරැදි සඳහා 3648 දෙනකු ද මෙසේ දඬුවම් ලබා ඇත. 

Comments