
කොළඹ විශාඛා සහ මියුසියස් විද්‍යාලාන්තර වාර්ෂික ක්‍රිකට් තරගයේ දී ලකුණු 144 ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට තර්ස්ටන් පිටියේදී විශාඛා විද්‍යාලය සමත් විය.
විශාඛා විද්‍යාලය කිසිවකු නොදැවී 224 යි. මියුසියස් විද්‍යාලය සියලු දෙනා දැවී ලකුණු 80 යි. තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ විනුකි පෙරේරා නොදැවී ලකුණු 72 ක් සහ ලකුණු 7 කට කඩුලු 4 ක් බිඳ හෙලමින් දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ද දිනා ගත්තාය.