ලීග් පාපන්දු ශූරයන්ගේ ශූරයෝ කොළඹ | සිළුමිණ

ලීග් පාපන්දු ශූරයන්ගේ ශූරයෝ කොළඹ

අන්තර් සමාජ ලීග් පාපන්දු තරගාවලියේ ශූරතාව දෙවන වරටත් අඛණ්ඩව දිනා ගැනීමට කොළඹ ක්‍රීඩා සමාජය සමත් විය.

සුපිරි අට වටයේ හයවැනි සති අන්තය නිමාවන විටද ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට රිනවුන් කණ්ඩායම සමත් විය. එහිදී බ්ලූ ස්ටාර් දෙවැනි ස්ථානයේ සහ කොළඹ කණ්ඩායම තෙවැනි ස්ථානයේ පසු විය. යුද හමුදා කණ්ඩායම සිවුවැනි ස්ථානයේ පසු විය.

තරගාවලිය නිමා කරමින් පැවැති තරගවලදී ශ්‍රී ලංකා යුද හමුදාව ගෝල 7 - 3 කින් බ්ලූ ස්ටාර් පරාජය කළ අතර, තීරණාත්මක රිනවුන් - කොළඹ අතර තරගයෙන් ගෝල 3 - 1 ක ජය කොළඹ කණ්ඩායමට හිමිවිය. මේ අනුව ශූරතාව කොළඹට හිමිවන විට අනුශූරතාව රිනවුන්ට සහ තෙවැනි ස්ථානය බ්ලූ ස්ටාර් කණ්ඩායමට හිමි විය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 18 ක් ලීග් තරගාවලියට එක්වූ අතර, ප්‍රසාද ලකුණු සටහනේ ඒ සහ බී කාණ්ඩවල වැඩි ලකුණු ලබාගත් කණ්ඩායම් අට සුපිරි වටයට එක් විය.

එහිදී යුද හමුදා කණ්ඩායම සිවුවැනි, නිව් යංග්ස් පස්වැනි, ගුවන් හමුදාව හයවැනි, නාවික හමුදාව හත්වැනි සහ සොලිඩ් අටවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.

යුද හමුදාවේ මොහොමඩ් ඉසදීන් පසුගියවර මෙන්ම මෙවරත් රන් සපත්තුව හිමිකර ගත්තේය.

 

 

Comments