
කොළඹ - පුත්තලම - වවුනියාව හරහා යාපනය දොරෙඅප්පා ක්‍රීඩාංගණයෙන් අවසන් වූ මෙවර ගුවන් හමුදා පාපැදි සවාරියේ ජය හිමිකර ගැනීමට නාවික හමුදාවේ අවිශ්ක මැඩොන්සා සමත් විය.
කිලෝ මීටර් 412 ක් පුරා පැවැති මෙම පාපැදි සවාරිය සඳහා තරගකරුවන් 196 දෙනකු එක්වූහ. පැය 9:9.38 කින් තරගය නිම කළ මැඩොන්සා මෙවර ගුවන් හමුදා පාපැදි සවාරියේ ජය නාවික හමුදාවට රැගෙන යද්දී, ගුවන් හමුදාවේ මධුසංඛ පෙරේරා ඊට තත්පර දෙකකින් සහ බුද්ධික වර්ණකුලසූරිය තත්පර පහක ප්‍රමාදයකින් තරගය නිම කරමින් දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගැනීමට සමත් විය. පොලිසිය නියෝජනය කළ සුධීර නිලංග සිවුවැනි සහ වරාය අධිකාරිය නියෝජනය කළ සඳුන් චාමික පස්වැනි ස්ථාන හිමිකර ගත්හ.
මීට සමගාමීව කිලෝ මීටර් 69 ක් පුරා පැවැති කාන්තා පාපැදි තරගයේ ජය ගුවන් හමුදාවේ පංචාලි සුබෝධා හිමිකර ගැනීමට සමත් වූවාය.