
කාබනික පොහොර වගාවට යෙදීමට උපදෙස් දී තිබුණ ද නිසි ආකාරයට කාබනික පොහොර නිෂ්පාදනය කරන්නන් නොමැති වීම ගැටලුවකි. එහෙත් කාබනික පොහොරම ව්‍යාපාරයක් ලෙස තෝරාගත් මහත්මයෙක් අනුරාධපුර හිදෝගමින් අපට මුණ ගැසුණි. ඔහු අනුරාධපුර හිදෝගම සුහදගම එස්.කේ. රේනිස් මහතා කාබනික පොහොර නිෂ්පාදනය කරන ප්‍රධාන පෙළේ ගොවි මහත්මයෙකි.රේනිස් මහතා ඔහු ගේ අත් දැකීම් සහ තාක්ෂණය මෙසේ විස්තර කළේය.
කාබනික පොහොර හදන හැටි අප මුලින්ම දැන ගනිමු. කාබනික පොහොර නිෂ්පාදනය සදහා සත්ව අපද්‍රව්‍ය (ගොම, එළු බෙටි, කුකුල් බෙටි) පිදුරු, ගිනිසිලියා, කෙසෙල් කදන්, කොළ රොඩු අවශ්‍ය වනවා.
වියළි කොළ රොඩු ටික මුලින්ම දමන්න.තෙත ගතිය ඇති කොළ ඊට උඩින් දමන්න.මේ ආකාරයෙන් තට්ටු වශයෙන් සිටින පරිදි අඩි තුනහමාරක් පමණ උසට, අඩි හතරක් පමණ පළලට,දිග අඩි තිහක් පමණ වනසේ අමුද්‍රව්‍ය ටික දමා සකස් කර ගන්න. තට්ටුවෙන් තට්ටුවට සත්ත්ව අප ද්‍රව්‍ය සහ ජලය එක්කරන්න.ඊට පසු කළු ඝනකම් පොලිතීන් වලින් බිම සිට අගල් හයක් පමණ උඩින් වසන්න. සති දෙකකට වරක් තෙතමනය පරීක්ෂා කරන්න. සති හතරෙන් හතරට මෙය පෙරලන්න.
මාස තුනක් ගත වන විට ඔබට කාබනික පොහොර කිලෝ දහසක් පමන ලැබේවි. අද වන විට කාබනික පොහොර කිලෝ එකක මිළ රුපියල් දොළහක් වනවා. මාස තුනකින් ඔබට රුපියල් 12000 ක ආදායමක් ලැබෙනවා. මේ සදහා ඔබට වැය වන්නේ රුපියල් 5000 ක හෝ 6000 ක් පමණයි. ඊට පසු එම කොම්පෝස්ට් පොහොර ටික 20x20 දැලකින් හලා ගන්න.දැන් වෙළද පොලට යවන්න.ඔබට මුදල් ලැබෙනවා. භෝග වගා කර ඔබ මෙන්ම රටේ ජනතාව ද නීරෝගි වනවා.
මම 2011 වසරේ මාකදුර පුහුණු ආයතනයේදී මේ පිළිබදව පුහුණුවක් ලැබුවා.මම කාබනික පොහොර නිෂ්පාදනයෙන් වසරකට රුපියල් එක්ලක්ෂ තිස්දාහක් පමණ අමතර ආදායමක් ලෙස ලබනවා. මම කුඹුරට දමන්නේත් ගෙදර එළවළු ,පලතුරු සහ ආර් ථික භෝග වලට දමන්නේත් කාබනික පොහොර .මගේ ගෙවත්තේ බුලත් ,කුරුදු, අන්නාසි, කටු අනෝදා ,පැණි දොඩම්, උගුරැස්ස, ජම්බු, දෙළුම්, පැෂන් පෘට්, කෙසෙල් ,එළවළු වර්ග දහයක් පමන, මිරිස් වර්ග, කොල වර්ග ආදි අප ආහාරයට ගන්නා සෑම භෝගයක්ම තිබෙනවා. මගේ නිවසට පැමිණෙන ආගන්තුකයන්ට ,මගේ ගෙදර අයට මම වස විස දෙන්නේ නැහැ. මගේ ගෙවත්තේ තිබන කොළ රොඩු ,කුස්සියේ තිබෙන සියළුම ඉවත් කරන දේ(ලූනු පොතු, පොල් රොඩු, පළතුරු ලෙලි, කුස්සියේ ඉතිරි වන සියළුම දේ ) කවරදාවත් වීසි කරන්නේ නැහැ. ඒ සියල්ලම මම කොම්පෝට් කරනවා.ඒ සියල්ලම මම මුදල් කරනවා. ඕනෑම අයෙකුට තමන්ගේ ගෙවත්ත තුල කාබනික පොහොර නිෂ්පාදනය කල හැකියි.2011 සිටම මා ළග කොම්පෝස්ට් පොහොර තිබෙනවා. එක කොම්පෝස්ට් ගොඩකට මාසයක් වන විට ඊළඟ කොම්පෝස්ට් ගොඩ සකස් කරනවා. මගේ ගෙවත්ත හරිම ලස්සනයි. හැම ගහකම පලදාව .අපි ගෙදර හැමෝම හරි සතුටින් ඉන්නේ.
අප වගේ අයට කිරි දෙනුන් දෙදෙෙනක් ලබා දෙනවානම් කොච්චර වටිනවාද ?අපිට අවශ්‍ය සත්ත්ව අපද්‍රව්‍ය ටික ලබා ගන්නත් පුළුවන්.දියර කිරි ලබා ගන්නත් පුළුවන්.මගේ ඉල්ලීම හැම කෙනෙක්ම මේ ලිපිය කියවලා කාබනික පොහෙර හදන්න කියලා.ලෙඩ රෝග නැති නිරෝගි පරපුරක් හදන්න ආදායමක් ලැබෙන කොම්පෝස්ට් පොහොර හදන්න.
තමන්ගේ නිවසට පැමිණෙන ආගන්තුකයිනට ඔබේ පවුලේ ආදරණීය බිරියට, දරුවන්ට වන විස දෙන්න එපා. එය ඔබට මහත් සැනසිල්ලක් වනවා.