
හිමේෂ් රාමනායක රාජකීය -වැඩිම කඩුලුලාභියා
මම රාජකීය විද්‍යාලීය කණ්ඩයමට එකතුවුණේ වේග පන්දු යවන්නෙක් විදියට. මේ තරග වාරය ගිය තරගවාරයට වඩා හොඳට කරන්න පුළුවන් වුණා. කඩුලු සහ වැඩි ලකුණු ප්‍රමාණයකට යන්න පුළුවන් වුණා.
මේ තරගවාරයේ කඩුලු 33 ක් සහ ලකුණු හයසියයකට ආසන්න ප්‍රමාණයක් රැස් කළා. තුන් ඉරියව් ක්‍රීඩකයකු විදියට තමයි කණ්ඩායමට දායකත්වය ලබා දෙන්නේ.
මේ තරගවාරයේ කඩුලු පහ බැගින් තරග තුනකදී බිඳ හෙළන්න පුළුවන් වුණා. ඉසිපතන, ශාන්ත අන්තෝනි සහ වේල්ස් කුමර තරගවලදී. ශාන්ත පීතර තරගයේදී ශතකයක් ලබා ගත්තා.
තාත්තාගේ (චම්පක රාමනායකගේ) ආභාෂයෙන් තමයි ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුණේ. මුල ඉඳලම රාජකීය විද්‍යාලයේ තමයි ඉගෙන ගත්තේ.
ජාතික කණ්ඩායමට එකතුවීම තමයි ලොකුම බලාපොරොත්තුව. බිග් මැච් තරගාවලියට එක්වන තුන්වැනි වතාව. ගිය අවුරුද්දේ මහ තරගයේ කඩුලු පහක් බිඳ හෙළා දක්ෂතම පන්දු යවන්නා වුණා.