
මගේ පළමු තරගවාරය. මම හොඳට මේ තරගවාරය කළා කියලා හිතනවා. දැනට කඩුලු 84 ක් දවා ගෙන තියෙනවා.
ධර්මපාල තරගයේ කඩුලු දහයක්, ඇලෝසියස් තරගයේ කඩුලු අටක් විදියට බිඳ හෙලුවා.
මම පොඩි කාලේ ඉඳලම ක්‍රිකට් ගහනවා. අවුරුදු අටේදී තමයි පාසලට ක්‍රීඩා කරන්න ගන්නේ. එදා ඉඳලම ක්‍රීඩා කරනවා. හොඳට පන්දු යවලා කණ්ඩායමට උපරිම දේ කරන්න බලනවා. පන්දු යවන්නෙක් විදියට තමයි කණ්ඩායමට එන්නේ. අපේ වේග පන්දු යවන්නෝ පස් දෙනෙක් සහ දඟ පන්දු යවන්නෝ තුන් දෙනෙක් ක්‍රීඩා කරනවා.










