
කාන්තා ටෙනිස් සංගමය (ඩබ්. ටී. ඒ.) විසින් සංවිධානය කරන ලද ඩුබායි තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී නිමාවට පත්වූයේ යුක්රේනයේ එලිනා ස්විටොලිනා ශූරිය වෙමිනි.
17 වැනි වරටත් පවත්වන ලද මෙම තරගාවලියේ මෙවර අවසන් තරගයේදී 22 හැවිරිදි එලිනා තරග වට 2 - 0 කින් (ලකුණු 6 - 4, 6 - 2) ඩෙන්මාර්කයේ 26 හැවිරිදි කැරොලයින් වොස්නියැකි පරාජය කළාය. එලිනා හිමිකර ගත් ඩබ්. ටී. ඒ. හය වැනි ශූරතාව මෙය විය. ඒ වෙනුවෙන් ඇයට හිමිවූ ත්‍යාග මුදල අමෙරිකානු ඩොලර් 457,245 කි. ඇය මේ වන විට ශ්‍රේණිගත කිරීමට අනුව ලොව අංක 10 ක්‍රීඩිකාවයි.