
උමේක්ෂ දිල්ෂාන්
වැඩිම කඩුලු ලාභියා නාලන්ද විද්‍යාලය
මං පන්දු යවන්නෙක් විදියට තමයි කණ්ඩායමට එකතු වෙන්නේ. තරග 14 කදී කඩුලු 51 ක් අරගෙන තියෙනවා. මහනුවර ධර්මරාජ තරගයේදී තමයි හොඳම පන්දු යැවීම සටහන් කර ගත්තේ.
පොඩි කාලේ ඉඳලම ක්‍රිකට්වලට හරි ආසයි. පුහුණුකරුවන් පවා මාව උනන්දු කළා ක්‍රීඩා කරන්න කියලා. පන්දු යැවීමේ අංශයෙන් තමයි ඉදිරියට ආවේ. වමත් දඟ පන්දු යවන්නකු විදියට තමයි දස්කම් අතරට ආවේ.
අම්මා - තාත්තා දෙන්නම හුඟක් උදව් කරනවා. අයියා කනිෂ්ක නිර්මාල්. එයත් ක්‍රිකට් ක්‍රීඩා කළා. ඒ සහයෝගයත් මට තිබුණා. මම අවුරුදු දහතුනෙන් පහළ ඉඳලාම ඉස්කෝලේ කණ්ඩායමට ක්‍රීඩා කරනවා.
වැඩිම කඩුලුලාභියා ආනන්ද විද්‍යාලය
මේ තරගවාරයේ තරග 13 කදී කඩුලු 60 ක් බිඳහෙළලා තියෙනවා. වමතින් පා දඟ පන්දු යවන්නෙක් විදියට තමයි කණ්ඩයමට එකතු වුණේ.
මේ තරග වාරයේ ශාන්ත අන්තෝනි විද්‍යාලයට ලකුණු 50 කට කඩුලු 09 ක් ගත්තා. ආනන්ද කණ්ඩායමට ක්‍රීඩා කරන හතරවැනි අවුරුද්ද. පසුගිය වසරේ කඩුලු 75 ක් බිඳ දැම්මා. මහා තරගයේ කඩුලු හතරක් ගත්තා.
ඉස්කෝලේ දෙක වසරේ ඉඳලම ක්‍රීඩා කළා. හතර වසරේ ඉඳලා ඉස්කෝලේ කණ්ඩායමට එකතු වුණා.
සහන් සුරවීර
වැඩිම ලකුණුලාභියා ආනන්ද විද්‍යාලය
මේ වාරයේ ලකුණු 850කට වඩා රැස් කරලා තියෙනවා. ශතක 4 ක් එක්ක අර්ධ ශතක තුනක් තියෙනවා. වෙස්ලි – ධර්මපාල – ශාන්ත තෝමස් සහ ත්‍රිත්ව විද්‍යාල වලට එරෙහිව තමයි ශතක රැස් කළේ. ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව රැස් කළ ලකුණු 134 තමයි වැඩිම ලකුණු සංඛ්‍යාව.
තුන්වැනි පන්තියේ ඉගෙන ගන්නකොට තමයි අම්මා කිව්වේ ක්‍රිකට් ගහන්න කියලා. ප්‍රාථමිකයේ ඉගෙන ගන්නකොට ගුරුතුමියක් කතා කරලා කිව්වා පුතාට හොඳට ක්‍රිකට් ගහන්න පුළුවන්. ඒ ගැන අවධානය යොමු කරන්න කිව්වා. ඒ විදියට තමයි මගේ ක්‍රිකට් පසුබිම හැදුණේ.
පළමුපෙළ ක්‍රීඩා කරන දෙවැනි අවුරුද්ද. මේ අවුරුද්දේ මහා තරගයේදී හොඳට ක්‍රීඩා කරලා ආනන්ද විද්‍යාලයට ලොකු ගෞරවයක් ගෙන එන එක තමයි ලොකුම බලාපොරොත්තුව.
මාලිංග අමරසිංහ
වැඩිම ලකුණුලාභියා නාලන්ද විද්‍යාලය
පිතිකරු තුන් ඉරියව් ක්‍රීඩකයකු විදියට තමයි කණ්ඩායමට එකතු වෙන්නේ. මේ තරගාවලියේ ලකුණු හත්සිය පනහකට වඩා අරගෙන කඩුලු විසි ගණනක් බිඳහෙළලා තියෙනවා. අර්ධ ශතක පහක් තියෙනවා. වැඩිම ලකුණු ගණන 91 අම්බලන්ගොඩ ධර්මාශෝක කණ්ඩායමට එරෙහිව ගත්තේ.
නාලන්ද කණ්ඩායමට ක්‍රීඩා කරන පස්වැනි අවුරුද්ද. තාත්තාගේ ආභාෂයෙන් තමයි ක්‍රිකට් වලට යොමු වුණේ. තාත්තා මහේන්ද්‍ර අමරසිංහ, කුමාර් ධර්මසේන, චමින්ද හඳුන්නෙත්තිගේ කාලේ ක්‍රීඩා කළේ.