
ස්පෝර්ට්ස් ඉලස්ට්‍රේටඩ් ලෝ ප්‍රකට අමෙරිකානු ක්‍රීඩා සඟරාවකි. එය පළ කරනු ලබන්නේ 1954 වසරේ සිටය. මේ වන විට එය සතිපතා ලොව පුරා මිලියන 23 ක පමණ පිරිසක් කියවති.
වාර්ෂිකව එම සඟරාව පිළිබඳ විශාල අවධානයක් යොමු වන හේතුවක් තිබේ. ඒ සුරූපිනියන් පිහිනුම් ඇඳුම්වලින් සැරසී සිටින ඡායාරූප විශේෂාංගයක් වන ඉඑධ්ර් ඉඋධ්ඊ කලාපය නිසාය. ඊට අඩනිරුවත් ඡායාරූප කිහිපයකුත් ඇතුළත් වේ. මෙහිදී නිරූපිකාවෝ සහ ක්‍රීඩා ශූරියෝ කිහිපදෙනෙක්ම මෙම ඡායාරූපවලට පෙනී සිටිති.
මෙම ඉඑධ්ර් ඉඋධ්ඊ කලාපය 1964 වසරේ සිට ප්‍රකාශයට පත් කරයි. 2017 වසරේ මෙම සුවිශේෂී කලාපය පසුගියදා වෙළෙඳපොළට නිකුත් කළේය. මෙවර එහි විශේෂත්වයක් තිබේ. එනම් එකිනෙකට වෙනස් වූ කවරයන් ත්‍රිත්වයක් සමඟ මෙවර කලාපය නිකුත් කිරීමයි.
මෙවර කවරයේ නිරූපිකාව වන්නේ සුපිරි අමෙරිකානු මෝස්තර නිරූපිකාව වන කේට් අප්ටන්ය. මීට අමතරව වත්මන් ක්‍රීඩා ලොව සුපිරි තරු පස්දෙනෙක්ද මෙවර විශේෂ කලාපයට දායක වි සිටිති.
ඒ ටෙනිස් ශූරියෝ වන අමෙරිකාවේ සෙරිනා විලියම්ස්, ඩෙන්මාර්කයේ කැරොලයින් වොස්නියැකි, කැනඩාවේ ඉයුජිනි බුචාර්ඩ්, ජිම්නාස්ටික් ශූරියෝ වන අමෙරිකාවේ ඇලි රෙයිස්මන් සහ සිමෝන් බයිල්ස්ය. 35 හැවිරිදි සෙරිනා වත්මන් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාවයි. මේ වන විට ඇය ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවළ ශූරතා 23 ක් සහ ඔලිම්පික් රන් පදක්කම් සතරක හිමිකාරිනියකි. 26 හැවිරිදි වොස්නියැකි හිටපු අංක එකේ ක්‍රීඩිකාවකි. එමෙන්ම අමෙරිකානු විවෘත කේවල අනුශූරතා දෙකක් ඇය සතුය.
22 හැවිරිදි බුචාර්ඩ් වත්මන් ලොව අංක 43 ක්‍රීඩිකාවයි. එමෙන්ම 2014 විම්බල්ඩන් කේවළ අනුශූරියයි. 19 හැවිරිදි සිමෝන් 2016 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් සතරක් සහ ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට සමත් වූවාය. 22 හැවිරිදි ඇලි 2012 සහ 16 ඔලිම්පික් උළෙලවලදී රන් 03, රිදී 02 ක් සහ ලෝකඩ පදක්කම බැගින් හිමිකර ගෙන තිබේ.