මුදල් ඇමැතිට සුබ උපන්දිනයක් | Page 3 | සිළුමිණ

මුදල් ඇමැතිට සුබ උපන්දිනයක්

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ උපන්දිනය අදයි. ඒ නිමිත්තෙන් සමාජ ආගමික සත්කාරක වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

රවී කරුණානායක මහතාගේ මැතිවරණ බල ප්‍රදේශවල වන උතුරු කොළඹ කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන් සංවිධානය කර තිබේ.

අඩු ආදායම් ලාභී පවුල්වල දෘශ්‍යාබාධිතයන් සඳහා ඇස් කණ්ණාඩි ජල පිරිපහදු යන්ත්‍ර, වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම ඇතුළු වැඩසටහන් රැසක් මේ යටතේ ක්‍රියාත්මක ය.

මට්ටක්කුලිය කල්‍යාණි ගංගාරාම විහාරස්ථානයේ ධර්ම ශාලාව සඳහා මුල්ගල තැබීම, මට්ටක්කුලිය විස්ට්වයික් උද්‍යානයේ පිහිනුම් තටාකය සඳහා මුල්ගල තැබීම සහ කොටහේන 17 වැනි පටුමගේ ක්‍රීඩා පිටියේ සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කිරීම මේ යටතේ සිදු කෙරේ.

 

Comments