
තවත් අපිට අඩු යාපනයටයි, පොලොන්නරුවටයි ජාත්‍යන්තර ක්‍රිකට් ග්‍රවුන්ඩ් දෙකක් විතරයි නේද බං ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු පස්වැනි වන් ඩේ එක බල බල හිටපු ටොමා කිව්වා.
ඒක තමයි ජෙරියෝ, මේ ටුවර් එක ගැන නම් කතා කරලා වැඩක් නෑ. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ටුවර් එක ගැන මුකුත් කියන්නේ නැතිව ඉන්නකොට දකුණු අප්‍රිකා ක්‍රීඩකයෝ නම් හැම වෙලාවේම කිව්වේ අපට දුවන්න ගහනවා කියලයි.
ඔව් බං. විස්සයි20 වුණත් අන්තිමේ බේර ගත්තේ සීක්කුගේ ප්‍රසන්න ගහපු ගැහිල්ලෙන්නේ. ඒත් බලපන් බන් අච්චර ගහපු සීක්කුගේ වන් ඩේවලට නෑ.
අපේ කට්ටිය කොහොමටත් අනුන්ට උඩට එන්න ලෝබ නැතුව අතදෙන කට්ටියනේ. ඒකනේ හතරවැනි තරගයේ හොඳ තරගයක් දීලා, පස්වැනි තරගයේ ටොස් එක දිනලත් දකුණු අප්‍රිකාවට ගහන්න දුන්නේ.
ඔව් බං, ඒ ගහපු ගැහිල්ලෙන් දකුණු වන් ඩේ රෑන්ක්වල එකට ගෙනත් තමයි අපේ අය නැවතුණේ. නායක උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න, සඳුන් විරක්කොඩි යමක් කරන්න පුළුවන් කියන එක විතරයි මචං මේ තරගාවලියේ ඉතුරු වුණේ.
ඔව් ටොමා දැන් බලපන් තේරීම් කමිටු සභාපති කියනවා, පිටරට තරග දිනන්න පුළුවන් තැනකට අපේ ක්‍රිකට් ගේන්න ඕනෑලු. එයත් හැම වෙලාවේම බයිලා විතරයි මචං කියන්නේ. දැන් බලපන් ඔය ටුවර් එකේ හිටපු සමහර ක්‍රීඩකයෝ සමහරවිට ලංකාවේ පළමු පෙළ ගහන 11 දෙනාටත් සුදුසුද කියලා.
ඔව් මචං, අර අපිව දැක්කම ඉස්සර ගෙදර බුහ් බුහ් ගාන උන් දෙන්නත් මතකද දවසක් කියනවා ඇහුණා මොකෙක්හරි බලධාරියෙක් තමන්ට කඩේට ගිය කෙනෙක්ගේ කාව හරි ටීම් එකට උඩින් දාපු ගමන් හරි සර්... ර්‍ණම් සර් කියලා ටුවර් එක විතරයි බෝල ගහන අයව තෝරන ලොක්කා කරන්නේ කියලා.
මේ යන විදියට නම් වැඩි දවසක් යන්න කලින්ම බංග්ලාදේශයෙනුත් බඩකට පිරෙන්න කනවා. අන්න එදාට තමයි ඔය නිදාගෙන හොරගල් අහුලන කට්ටියට තරු විසි වෙන්නේ.
දැන් බලපන් ඔය කවුරු බයිලා ගැහුවත් දඹුල්ලේ ක්‍රීඩාංගණයේ සේවකයෝ දවස් ගණනක් උපවාස කරනවා. සේවය ස්ථිර කරන්න කියලා. මේකට පල්ලෙකැලේ, සූරියවැව, ඛෙත්තාරාම ග්රව්න්ඩ්වලත් කට්ටියත් එකතු වෙලා. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. නිල්වෙන්න කාපු එක බලපු ටොමයි - ජෙරියයි මුහුණු ඇඹුල් කරගෙන ඊඍ එක යටම නිදි.